සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලබා දීම සඳහා එම පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අද ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් කෝටි තුනක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කරද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඒක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ.
ජනක රත්නායකට සිය පක්ෂයෙන් නාමයෝජනා ලබාදීම සඳහා අල්ලස් ගැනීමට සූදානම් වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගන්නේ වංචා, දූෂණ සහ නාස්තියට එරෙහි පුරවැසි ව්‍යාපාරයේ සභාපති කමන්ත තුෂාර ගේ පැමිණිල්ලකට අනුව ය.
ඔහු අද උදේ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇප මුදල් තැන්පත් කරන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඇප මුදල් තැන්පත් කළ 37 වැනියා ලෙසය.







