ජාතික ජන බලවේගයේ රජයක් යටතේ කිසිම අවස්ථාවක බුද්ධාගමට ඇති ව්‍යවස්ථාපිත සැලකීම අඩු කිරීමේ කිසිම අදහසක් නැති බවත් ව්‍යාජ ප්‍රකාශ සිදුකරමින් සිටිනා ඔය ඕනෑම දේශපාලකයෙකුට වඩා ජාතික ජන බලවේගයේ දේශපාලකයින් ආගමට අනුව ජීවත්වන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ලන්ඩන් නුවර පැවති ජාතික ජන බලවේග සමුළුවට එක් වූ පුද්ගලයෙක් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ජාතික ජන බලවේග රජයක් යටතේ බුද්ධාගමට සැලකිලි අඩුවෙන බවට පැතිර යන කතා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ස්ථාවරය කුමක් දැයි එහිදී අනුර කුමාර දිසානායකගෙන් විමසා සිටියේය.
“අපේ විරුද්ධවාදී කණ්ඩායම් අපට එරෙහිව අසත්‍ය සහ අවලාද මට්ටමේ තොරතුරු යැවීම ඔවුන්ගේ කාර්ය බවට පත්කර ගෙන තිබෙනවා. ආගමට අනුව ජීවත් වෙන්නේ ජාතික ජන බලවේගයේ අපි විතරයි. ඔවුන් කරනු ලබන ඒ ප්‍රකාශය අසත්‍යයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ බෞද්ධාගම සඳහා ලබාදී තිබෙන ප්‍රමුඛතා කිසිසේත්ම අහෝසි වෙන්නේ නැහැ. 2015 සිට 2019 දක්වා ලංකාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සඳහා සාකච්ඡාවක් තිබුණා. ඒ සාකච්ඡාවේ මූලිකත්වය දැරුවේ අග්‍රාමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ සාකච්ඡාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය වෙනස් කිරීම පිළිබඳව සාකච්ඡාවක් නැගුණේ නැහැ. හැම දෙනාම 9 වැනි වගන්තිය පිළිගනිමින් සාකච්ඡාව කළා.
ඒ නිසා මේ හදන්නේ අනියත බියක්. 9 වැනි වගන්තියට අත තබන්නේ නැහැ. අත තැබීමේ වුමනාවක් දෙමළ දේශපාලන නායකයන්ටවත් නැහැ.