ශ්‍රියානි විජේසිංහ –
අපොස උසස්පෙළ සමතුන් විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කරන ශිෂ්‍ය අත්පොත අනධ්‍යන සේවකයින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් මුද්‍රණය කර ගැනීමට නොහැකි වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී.ඒ.ජී. සුරංජිව සඳහන් කරයි
වසර 2024 ජනවාරි මස පැවැත්වූ අ.පො.ස (උපෙළ) විභාග ප්‍රතිපල තව දින දෙකකින් නිකුත් කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කර ඇති නමුත් පොත මුද්‍රණය නොකිරිම හා වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් විමට සුදුසුකම් ලත් සිසුන් දැඩි අපහසුවකට පත්වෙනු ඇති බවද හෙතෙම පැවසීය.
අන්‍යධන කාර්ය මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනයට පිලිගත හැකි විසදුමක් ලබා දෙන තෙක් අඛණ්ඩව පවත්වාගෙන යාමට සාමජිකයෝ ඒකමතිව ඊයේ (28) තීරණය කලහයි හෙතෙම කීය.
තම සේවකයින්ට බලපා තිබන වැටුප් ප්රශ්නය විසදීමට කමිටුවක් පත් කළ බව රජය ප්‍රකාශ කළද එවැනි නිල දැනුම්දීමක් තම සංගමයට ලිඛිතව ලැබී නොමැති බව පෙන්වා දෙන ප්‍රධාන ලේකම්වයා අනධ්‍යන සේවකයින්ගේ වැටුප් විෂමතාව ඉවත් කිරිම සඳහා කමිටු ගණනාවක් පත් කර ඇති බවත් ඒ සෑම කමිටුවකින්ම ප්‍රකාශ වී ඇත්තේ තම සේවක වැටුප් විෂමතාව විසදිය යුතු බවය යැයිද හෙතෙම පෙන්වාදේ.
මෙවැනි වැටුප් කමිටු මගින් තමන්ව හැමදා රැවටූ බවත් මෙවර විසඳුමක් ලබා දෙන තෙක් ආරම්භ කළ වැඩ වර්ජනය අඛන්ඩව ඉදිරියට ගෙන යන බවත් පැවසුවේය.







