පෙරේදා (22) රාත්‍රියේ මැලේෂියාවේ සෙන්තුල්හි, ලෝවර් කෝවිල් ගම්මානයේ පර්හෙන්ටියන් වීදියේ නිවසක දී තම සහෝදර රටවැසියන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි කියන ශ්‍රී ලාංකික සැකකරුවන් දෙදෙනකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී ඇතැයි මැලේෂියා මාධ්‍ය වාර්තා කරයි.
මේ වනවිට එම සැකකුරවන් දෙදෙනාගේ ඡායාරූප පොලිසිය විසින් නිකුත් කර තිබේ. ක්වාලාලම්පූර් පොලිස් ප්‍රධානී Datuk Allaudeen Abdul Majid මාධ්‍යයට පවසා ඇත්තේ ඝාතනය සිදු වීමට පෙර සැකකරුවන් දෙදෙනාම නිවසේ දෙවන මහලේ නැවතී සිටි බවයි.
ඊයේ රාත්‍රී 11 ට පමණ දෙඅත් බැඳ හිස් ප්ලාස්ටික් බෑග්වලින් ආවරණය කර තිබූ පිරිමි තිදෙනෙකුගේ මළ සිරුරු ශ්‍රී ලාංකික අඹුසැමි යුවලගේ නිවසේ ගොඩගසා තිබියදී පොලිසිය විසින් සොයා ගත් බව ඔහු පැවසීය.
වින්දිතයින් දෙදෙනෙකු පරිශ්‍රයේ කාමරයක් කුලියට ගත් කුලී නිවැසියන් වන අතර තුන්වන ගොදුර මෙම යුවළගේ 20 හැවිරිදි පුත්‍රයාය. මිය ගිය පුද්ගලයින් තිදෙනාගේ වයස අවුරුදු 20 සිට 40 දක්වා පරාසයක වේ.
ඊයේ (23) සෙන්තුල් දිස්ත්‍රික් පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් ප්‍රධානියා පැවසුවේ, “අල්වාසීන් විසින් ඝාතන පොලිසියට වාර්තා කළේ මෙම ශ්‍රී ලාංකික කුලී නිවැසියන්ගේ නිවාසයෙන් රණ්ඩුවක් වැනි කෑගැසීම් ඇසීමෙන් පසුව බවය.
“ මේ ශ්‍රී ලාංකික 40 හැවිරිදි යුවළ සහ ඔවුන්ගේ පුතා මාස හයක් තිස්සේ මෙම සැකකරුවන්ව හඳුනනවා… ඔවුන් පැමිණ සිටියේ ක්ලැංගේ ඉඳලා. මෙම පුද්ගලයින් දෙදෙනා දින දෙකක් ඔවුන්ගේ නිවසේ රැඳී සිටි බවයි වාර්තා වෙන්නේ…”
“සැකකරුවන් දෙදෙනා මෙම ඝාතන සැලසුම් කර ඇති බවට පොලිසිය විශ්වාස කරනවා. මෙම ආරවුල පිටුපස ඇති අරමුණ තවමත් විමර්ශනය වෙමින් තිබෙන්නේ,”
පොලිස් ප්‍රධානියා පැවසුවේ මිනීමැරුම් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 302 වගන්තිය යටතේ පරීක්ෂණ පවත්වන බවයි.
විමර්ශනයට සහාය වීම සඳහා විවාහක යුවළ දින හතක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත්, සියලුම සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ක්වාලාලම්පූර් රෝහලේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික ආයතනය වෙත යවා ඇති බවත් අලවුදීන් පැවසීය.- malay mail







