ඒ. ජේ. ඒ. අබේනායක –
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක යැයි කියන රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක ලෙසට නියෝගයක් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති නඩුව විභාගයට පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හා ඕෂල හේරත් විසින් ගොනුකර තිබූ මෝසම් පත්‍ර දෙකම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
එම මෝසම් පත්‍ර දෙක අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.
මුල් පෙත්සම සම්බන්ධයෙන් නැවත විභාගයක් පැවැත්වීමට තම අධිකරණය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් මේ වන විටත් පත්කර ඇති බව එම මෝසම් පත්‍ර ප්‍රතික්ෂේප කරමින් විනිසුරු මඬුල්ල පැවසීය.
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය නිත්‍යානුකූලව ඉවත් කර ගැනීමකින් තොරව ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කර ඇති බවත්, එබැවින් ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙසත් සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් සිය මුල් පෙත්සමින් ඉල්ලා තිබිණි – දිවයින