නිදස් අධ්‍යාපනය ආක්ෂා කරගැනීම සඳහා එක්වන ලෙස ඉල්ලමින්, රජය අධ්‍යාපන ක්ෂේත්රයේ ඇතිකිරීමට උත්සාහ කරන වෙනස්කම්වලට එරෙහි වෙමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයට ස්ථාන දෙකක දී පහරදුන් පොලිසිය විරෝධතාවයේ නියැලී සිටි ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් 22ක් අද සවස අත් අඩංගුවට ගනු ලැබුවේය.
කොළඹ පුරහල සිට විහාරමහාදේවී උද්‍යානය දෙසට ගමන් කළ විරෝධතා පා ගමනට විහාර මහා දේවි උද්‍යානය අසල දී පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කළේය.
තවත් ජල ප්‍රහාරයක් කිරුළපන පදේශයේ දී එල්ල වී තිිබිණි.
කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම උද්ඝෝෂණයකට අදාළව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය සහ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (10) පෙරවරුවේ යම් සීමා පනවමින් නියෝග ද නිකුත් කර තිබුණි.
https://www.facebook.com/iusfsrilanka/videos/675929940652653