සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට (3) කැඳවා ඇති වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට හදිසි කැඳවීමක් කර තිබේ.
වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (02) එම හදිසි රැස්වීම පැවැත්වෙන බවය.
අදාල සාකච්ඡාවට සෞඛ්‍ය වෘත්තිය සමිතිය රැසක නියෝජිතයන් සහභාගි වීමට නියමිත බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කීවේය.
සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට එරෙහිව හෙට (03) මෙම වැඩ වර්ජනය සංවිධානය කර තිබිණි.
සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛ ඉවත් කර නොගන්නේ නම් යොදාගත් පරිදි හෙට (03 දා) සිය වෘත්තීය සමිති 30 ක් පමණ සංකේත වර්ජනයේ යෙදෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රකාශ කර තිබිණි. එම වර්ජන ක්‍රියාවලියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සම්බන්ධ වී සිටියේ නැත.







