කෝටි එකහමාරක් වටිනා රත්රන් තොගයක් රේගුව විසින් අත්අඩංගුවට ගත් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් රේගු අධ්යක්ෂ ජනරාල්වරයාට ලිපියකින් දැනුම් දෙමින් එම භාණ්ඩ නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයකු වූ නාගානන්ද කොඩිතුවක්කු විසින් මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම සමඟ සිදු කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
යූ ටියුබ් චැනලයක් ඔස්සේ සිදු කළ සාකාච්ඡාවකදී මාධ්‍යෙව්දී චමුදිත සමරවික්‍රම සමග නාගානන්ද කොඩිතුවක්ක විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට මාධ්‍යෙව්දී සමරවික්‍රම කැඳවා තිබිණි.
පෙබරවාරි මාසයේ මෙරටට පැමිණෙමින් සිටි කාන්තාවක් රුපියල් මිලියන 15කට අධික වටිනාකමකින් යුත් රන් වළලු හයක් සහ රන් මාල දෙකක් නීතිවිරෝධී ලෙස රැගෙන යෑමට තැත්කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළ පර්යන්තයේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. රේගු පරීක්ෂණයේදී කාන්තාව නීති විරෝධී ලෙස භාණ්ඩ රැගෙනවිත් ඇති බවට තීරණය වූ නිසා රුපියල් ලක්ෂයක දඩයක් සමඟ භාණ්ඩ රාජසන්තක කිරීමට රේගු අධ්යක්ෂ ජනරාල්වරයා නියෝග කර තිබූ අතර රාජසන්තක කරන ලද එම කෝටි එක හමාරක රත්තරන් තොගය නිදහස් කරන ලෙස වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා විසින් රේගු අධ්යක්ෂ ජනරාල් වෙත ලිපියකින් දන්වා තිබිණි.
රේගු අධ්‍යෂක්ෂ ජනරාල් පී.බී.එස්.සී නෝනිස් විසින් බණ්ඩානායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලේ අධ්යක්ෂවරයාට සිය අත්සන සහිතව ලිඛිතව දන්වා සිටිමින් BIA/CASE/O11/2023 රේගු නඩුවේ විමර්ශන නියෝගය සම්බන්ධව 2023.02.27 දින හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන විසින් කරන ලද ඉල්ලීම අනුව මේ ලිපිය යොමු කරන බව එම ලිපියේ සඳහන් විය.
අභියාචනා කමිටු නිර්දේශ මත රේගු ආඥාපනතේ 2 විධිවිධාන යටතේ තමන් වෙත පැවරී ඇති බලතල අනුව අධීක්ෂණ නිලධාරියා විසින් ලබා දුන් පෙර රාජසන්තක කිරීමේ නියෝගය මෙම ලිපියෙන් ඉවත් කරන බවද රේගු අධ්යක්ෂ ජනරාල් වරයා බන්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල රේගු අධ්යක්ෂවරයා වෙත දන්වා තිබිණි.
අනතුරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැවති අදාළ බදු අයකර ගැනීම මත රන් ආභරණ නිදහස් කිරීමට ද රේගු අධ්යක්ෂවරයා නියෝග කර තිබිණි.







