ශ්‍රි ලංකා ක්‍රිකට් පාලක මණඩලයේ සභාපති ශම්මි ද සිල්වා වර්ෂ 2008 සිට වසර 15ක් තිස්සේ විවිධ මූල්‍ය චෝදනාවලට ලක් වෙමින් සී.සී.සී ක්‍රිඩා සමාජයේ ද සභාපති ධූරය දැරීම සම්බන්ධව බරපතල අනීතික තත්ත්වයක් මතු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස කටයුතු කරන අතරම සී.සී.සී ක්‍රීඩා සමාජ සභාපත්ත්වයත් දරන ශම්මි ද සිල්වා අද රාත්‍රියේ පැවැත්වෙන සීසීසී ක්‍රීඩා සමාජයේ මහා සභා රැස්වීම සඳහා එක්වන්නේ 16වැනි වරටත් එම ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙස පත්වීමට බව ද එම ආරංචි මාර්ග හෙළි කරයි.
ශම්මි සිල්වා ඇතුළු මෙම ක්‍රීඩා සමාජයේ නිලධාරී මණ්ඩලය බරපතල මූල්‍ය අක්‍රමිකතා රැසකට චෝදනා ලබන පිරිසක් බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී අනාවරණය වී තිබීම ද විශේෂත්වයක් බවත් එම විමර්ශන කටයුතු මේ වනවිට ඇනහිට ඇති බවත් සි.සී.සී ක්‍රීඩා සමාජය පාර්ශවයෙන් වාර්තා වේ.
2007 වර්ෂ 2007 මැයි මාසයේ දී නිලවරණය ආසන්න දවසක සි.සී.සී. ක්‍රිඩා සමාජයේ හිටපු සභාපති ශම්මි ද සිල්වා ගේ ලේකම් ශිරාන් ඇන්තිනි නැමැත්තෙකුගේ අනුමැතිය මත හිටපු උප සභාපති ශේන් දුල්ලෑව විසින් රුපියල් දෙලක්ෂ තිස් දෙදහස් පන්සියයක් විදුලි උපකරණ මිලදී ගැනිම සඳහා යැයි කියමින් අංක 048427 දරන චෙක්පතින් ලබා ගෙන නැවත ඊලඟ වසරේ නිලවරණය ආසන්නයේ දී එම මුදල් ශම්මි සිල්වා හරහා යළිත් සමාජයේ ගිනුමට බැර කිරීම, දැන්වීම් ප්‍රචාරණ පුවරු සවි කිරීමේ දී එම වකවානුව තුළ රුපියල් දෙලක්ෂ පන් දහසක් වංචා කිරීම, ක්‍රීඩා සමාජයේ බාර් සහ අවන්හල් ලේකම්වරයා ලෙස සිටි තිලක් සෙත් ෂෙල්ටන් සිල්වා විසින් වෙනත් සමාගමකින් මිලදී ගත් කේබල් තොගයක් එදිනම ලක්ෂ අටක ලාභයක් මත සී.සී.සී ක්‍රීඩා සමාජයට විකිණීම ඇතුළු විෂම ගනුදෙනු රාශියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයින් විසින් හෙළිදරවු කරගෙන තිබිණි.
මේ බව හෙළි කරගෙන තිබුණේ තුන් කෝටි, තුන් ලක්ෂ හතලිස් දහස් හාරසිය හැත්තෑ අටක් වංචාකාරී ලෙස සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධව සී.සි.සී ක්‍රීඩා සමාජයේ එවකට හිටපු සභාපති රන්ජන් කනකසබේ විසින් 2008. 12. 02 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරනු ලැබූ පැමිණිල්ලක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් කරන ලද විමර්ශනයක දී ය.
මෙවන් තත්ත්වයක් තුළ සීසිසි ක්‍රිඩා සමජයේ නිලවරණයේ දී යළිත් හිටපු දූෂිත කණ්ඩායම ම පත් කරගැනීමේ අභිලාෂයක් පවතින බව එම ක්‍රීඩා සමාජ ආරංචි මාර්ග කියයි.







