දිනසේන රතුගමගේ-
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආන්නද සංගරීගේ දෙවනි පුතණුවන් කැනඩාවේ ආදී වාසී සබදතා කටයුතු පිළිබදව වූ කැබිනට් අමාත්‍යවරයා ලෙස 25 දා පත් කොට තිබේ.

ගෙරී ආනන්දසංගරී නමැති ඔහු වයස අවුරුදු 10 දී 1983 දී තම මව සමඟ කැනඩාවට සංක්‍රමණය වූ අයෙකි.
ටොරොන්ටෝ හි ඔස්ගුඩ් හෝල් නීති විද්‍යාලයේ නීතිය හැදෑරූ කේරී ආනන්ද සංගරී 2006 දී උපාධිය ලබා ගත්තේය. පසුව ඔහු ටොරොන්ටෝ හි නීතිඥයෙකු ලෙස සේවය කළේය.
ඔහු දේශපාලනයට පිවිසියේ කැනඩාවේ ලිබරල් පක්ෂයට සම්බන්ධ වීමෙනි.
ඔහු අලුතින් නිර්මාණය කරන ලද Issugarborough-Roch Park මැතිවරණ කොට්ඨාශයෙන් 2015 ඔක්තෝම්බර් 19 වන දින ලිබරල් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ පක්ෂය වෙනුවෙන් ඔහුට එරෙහිව තරඟ කළ Conservative පක්ෂ අපේක්ෂකයා පරාජය කරමිනි.
ඔහු දීර්ඝ කාලයක් තිස්සේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් ගැටලු වෙනුවෙන් පෙනී සිටි අයෙකු වන අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු විවිධ සංසදවලට ගෙරී ආනන්ද සංගරී සහභාගී වී ඇත.







