විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කරන ලද විමර්ශනයකදී විදේශීය නිෂ්පාදිත CZ වර්ගයේ පිස්තෝල අවියක් සමඟ එම මැගසින් 03 ක් හා මී.මී. 09 වර්ගයේ උණ්ඩ 37 ක් සමග යම් අපරාදයක් සදහා සැරසුනු ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී සම්පත් මහතාගේ අධික්ෂණයෙන් තංගල්ල කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක ඩි.සි.එල්. මුණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.23 වන දින ඕකවෙල පොලිස් වසමේ අංක 329/බී, නුගේවෙල, ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඕකවෙල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.







