දිනසේන රතුගමගේ –
යාපනයේ දෙමළ තරුණයෙකු ලන්ඩනයේදී චීන තරුණියක්ව දූෂණය කිරීමේ වැරැද්දට ලන්ඩනයේ හෙන්ඩන් ක්රවුන් අධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 11 ක සිර දඬුවමක් පනවා තිබේ.
යාපනයේ සිට වසර හතරකට ඉහතදී ලන්ඩනයට ගොස් සිටින එස්. සයන්තන් නැමති 38 හැවිරිදි මෙම පුද්ගලයා ලන්ඩනයේ බ්රොම්ප්ටන් පාරේ ඡායාරූප ශාලාවක් පවත්වා ගෙන යන අතර ඡායාරූපයක් ගැනීමට පැමිණි චීන තරුණියකට ඡායාරූප රැගෙන යාම සඳහා ආපසු පැමිණීමට දිනයක් ලබා දී එම දිනයේදී ඇයට මත්පැන් පානය කිරීමට දී ඇයව ඡායාරූප ශාලාව තුළදීම දූෂණය කොට තිබේ.
පසුව ඇයව බස් නැවතුමක් වෙත රැගෙන ගොස් ඇයව බස් රථයකට නැන්වූ සැකකරු ආපසු ගිය බව චීන තරුණිය අධිකරණය හමුවේ ප්රකාශ කොට තිබේ.
2022 ජූලි 8 සිදු වූ මේ සිදුවීම සම්බන්ධයෙන් අවසන් නඩු විභාගය පැවති 2023 ජූලි මස 21 වෙනිදා ක්රවුන් අධිකරණය විසින් එම දඩුවම ලබා දී ඇත.







