සුමිත් පොතුපිටිය –
ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් අතර අද (22) අළුයම ඇතිවූ ආරවුලක් සම්බන්දයෙන් ලද පැමිණිලි විභාග කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි.
අද අළුයම 2 ට පමණ පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල නිවසක් ඉදිරිපිට ආරවුල සිදුව ඇති බව පොලිසිය කියයි.
අධ්‍යක්ෂක වරයා සිය මෝටර් රථයෙන් අළුයම 2 පමණ නිළිය හමුවීම සදහා ඇය රැදී සිටී පානදුර නගරයේ ප්‍රධාන පාසලක් අසල පිහිටී නිවසට පැමිණ ඇති අතර, එහිදී ආරවුල සිදුව ඇති බව සඳහන් වේ.
තමන්ට පහරදී මෝටර් රථයේ යතුර අධ්‍යක්ෂක වරයා ලබගත් බවට ජනප්‍රිය නිළිය සහ තවත් කාන්තාවක් විසින් පැමිණිල්ලක් කර ඇති අතර ,තමාගේ ලක්ෂ හැත්තෑ පහකට ආසන්න මුදලක් ජනප්‍රිය නිළිය වෙනුවෙන් වැයකර ඇති බවත්, අද අළුයමද ජංගම දුරකථනය , ලක්ෂ තුනහමාරක පමණ මුදලක් සහ මෝටර් රථයේ යතුරද ලබාගත් බවට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක වරයාද ප්‍රකාශ කර ඇති බව පොලිසිය කීය.
පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල දෙපාර්ශවයට කරුණු අවබෝධ කරදීමෙන් පසු පැමිණිලි ඉල්ලා අස්කර ගෙන සමතයකට පත්වූ බවත් , අවවාද කර පිටත්කර යැවූ බවත් සඳහන් වේ.
පානදුර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ලගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වා ඇත.







