වාර්තා වන පරිදි සිසේරියන් සැත්කම් සඳහා භාවිත කරන හෙවි මාකේන් ඖෂධයේ හිඟයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අද වන විට හෙවි මාකේන් ඖෂධ කුප්පි 30,000ක් තොගයේ පවතින බවත්, මෙම ඖෂධයේ හිඟය පිළිබඳව දැනුම් දීමෙන් පසු කළුතර ශික්ෂණ රෝහලට තවත් කුප්පි 50ක් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ඖෂධයේ මිල ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතින බැවින් එම ඖෂධය මිලදී ගැනීම ප්‍රමාද වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.







