ප්රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිගු පිටි කිලෝවක මිල අද (18) දින සිට රු 10 කින් අඩු කල බව දිවයින පුරා එම සමාගමේ තිරිගු පිටි බෙදා හරින සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත.
ඒ අනුව පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන ප්රිමා මිල්ක් බ්රැන්ඩ් කිලෝවක් එම සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට රු 210 කට නිකුත් කල අතර, එය වෙලඳපොලේ රු 230 වැනි සිල්ලර මිලකට අලෙවි කෙරිණ.
නව මිල අනුව මිල්ක් බ්රැන්ඩ් තිරිගු පිටි කිලෝවක් රු 200 ක තොග මිලකට අලෙවි නියෝජිතයන් වෙත (18) දින සිට නිකුත් කරන අතර, එම තිරිගු පිටි කිලෝවක් රු 220 වැනි සිල්ලර මිලකට අලෙවි කරන බවයි අලෙවි නියෝජිතවරු කියා සිටිති.
ප්රිමා සමාගමේ නිෂ්පාදිත ග්රින් තිරිගු පිටි කිලෝවක් රු 205 ක තොග මිලකට අලෙවි නියෝජිතයන් වෙත නිකුත් කල අතර , අලෙවි නියෝජිතයන් විසින් රු 225 වැනි උපරිම සිල්ලර මිලකට අලෙවි කෙරිණ.
නව මිල අනුව එම සමාගම විසින් ග්රින් තිරිගු පිටි කිලෝවක් රු 195 තොග මිලට අලෙවි කරන අතර, එම තිරිගු පිටි කිලෝවක් රු 210 ක සිල්ලර මිලකට අලෙවි කරන බව අලෙවි නියෝජිතවරු කියති.







