මනම්පිටිය නිමල් ජයරත්න –
කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ රථවාහන අලෙවි සැලක ආරක්ෂකයකු ලෙස සේවය කරමින් සිටි අයෙකු එම වෙළඳ සැලේ කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් මොන්ටෙරෝ වර්ගයේ සුඛෝපභෝගී රථයක් සොරාගෙන බකමූණ කැලෑවක සඟවා තිබියදී අදාල ආරක්ෂක නිලධාරියා සොරා ගත් රථයත් සමග සැකපිට අද ( 11 ) සවස අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි,
අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව ඇලහැර 12 කනුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස්දෙකක් වයසැති පුද්ගලයෙකු බව පරීක්ෂණ පවත්වන බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලුකදුර අප කළ විමසීමකදී සඳහන් කළේය.
ඊයේ (10) රාත්‍රියේ මෙම සුඛොප්භෝගී සොරාගෙන ඇති අතර වාහනය අදාල, රක්ෂණ සහතික ආදායම් බලපත්‍ර ඇතුළු සියළු ලියකියවිලිද මෙහිදි අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය සඳහන් කරයි,
කොළඹ කොම්පඤ්ඤවීදිය රථ වාහන අලෙවිසැලේ හිමිකරු විසින් කොම්පඤ්ඤවීදිය පොලීසියට මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇති අතර කොම්පඤ්ඤවීදිය පොලිසිය ඒ පිළිබඳ තොරතුරු බකමූණ පොලිසියට ලබා දී ඇත.
ඒ අනුව බකමූණ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ සිදුකරන විමර්ශනයකට අනුව සැකකරු සමග සොරාගත් සැපරිය අත්අඩංගුවට ගෙන ඇත,
බකමූණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් බොලුකඳුරගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක චතුරංග ඒකනායක, පොලිස් සැරයන් 61190 හේරත්, පොලිස් රියදුරු 87727 ඒකනායක, කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මෙම මෙහෙයුම දියත් කළහ,
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ සැපරිය හෙට හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සිද්ධිය පිළිබඳ විමර්ශන කරන බකමූණ පොලිසිය සඳහන් කරයි,







