අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වතුර මෝටරය හොරකම් කළ තරුණයාට පහර දී මරා දැමූ සැක කරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට!

by editor
ජූලි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

සූරියවැව වැවේගම ප්‍රදේශයේදී සොරකමක් සම්බන්ධයෙන් නිවැසියන් ඇතුළු පිරිසක් විසින් අල්ලා පහර දී පොලීසියට බාරදුන් සැකකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඊයේ (03) දහවල් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමන් පසු සැකකරු දින 14ක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සූරියවැව වැවේගම පදිංචි 37 හැවිරිදි තිදරු පියෙකුය.

පසුගිය 01 වන දින රාත්‍රි සූරියවැව වැවේගම පිහිටි  නිවසක වතුර මෝටරයක් සොරකම් කරගෙන යමින් සිටියදි නිවැසියන් විසින් අවට තවත් කිහිප දෙනෙකුගේ සහාය ඇතිව අල්ලාගත් බව කියන සැකකරුවන් තිදෙනෙකුට   බරපතළ ලෙස පහර දි තිබුණි.

නිවැසියන්ගේ හා තවත් කිහිප දෙනෙකුගේ පහරකෑමට ලක් වු පුද්ගලයන් තිදෙනා නිවැසියන් විසින්ම පොලිසියට බාර දි තිබේ. සැකකරුවන් තිදෙනා පොලිස් බාරයට පත්වන අවස්ථාවේ පහරකෑමට ලක්ව සිටි නිසා ඔවුන්ව සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත. 

හිදි බරපතළ තත්වයේ පසු වු එක් සැකකරුවෙකු වැඩිදුර ප්‍රථිකාර සදහා මාතර මහ රෝහල වෙත රැගෙන යමින් සිටියදි මියගොස් තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සිද්ධිය සම්බන්ධයෙන් මරණකරුගේ ඥාතියෙකු විසින් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අදාල පහරදිම සිදුකල බව කියන පුද්ගලයන් පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇත.

ඒ අනුව සූරියවැව පොලිසිය විසින් පෙරේදා ( 02 )   පෙරවරුවේ වැවේගම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ

.එළෙස අත්අඩංගවට පත් පුද්ගලයා ඊයේ (03) දින දහවල් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. සිද්ධිය සම්බන්ධයෙන් ගම්වැසියන් පවසන්නේ මෙම පහරදිම පවුල් කිහිපයක සාමාජිකයින් හා ඔවුන්ගේ හිතවතුන් පිරිසක් විසින් සිදුකල පහරදිමක් හේතුවෙන් මෙම තරුණයා මියගිය බවය.

සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ උපදෙස් පරිදි සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන  පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙසක් සහ පොසොන් පුන් පොහෝ දිනවල ගෙවල්බිදුම් කළ පොතුවිල කළුවා අත්අඩංගුවට!

Next Post

කිලිනොච්චි රෝහලේ සතියක් ඇතුළත අලුත උපන් බිළිඳුන් 04ක් මැරිලා… හේතුවක් නොදන්වා මවකගේ ගර්භාෂය ඉවත් කරලා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.