එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගී වන පළමු තරගයේ දී බලාපොරොත්තු රහිත අභියෝගයක් නෙදර්ලන්ත කණ්ඩායම විසින් ශ්රී ලංකාව වෙත එල්ල කළේය.
බුලවායෝහි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තේරුවේය.
මෙම තරගාවලියේ අඩුම ලකුණු ගණනට ශ්රී ලංකා පිල දැවී ගියේය. ඕවර 50ක් ක්රීඩා කළේ නැත. ඕවර 47.4ක දී සියල්ලෝ දැවී ගියහ.
කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 213ක් පමණි. නෙදර්ලනත්යේ ජයග්රාහී ඉලක්කය ලකුණු 214කි.
තරගාවලියේ මුල්ම වතාවට පැතුම් නිශංක ලකුනු නොලබා දැවී ගියේය. ඔහු මුහුණ දුන් පළමු පන්දුවේදිම පැතුම් දැවී යන්නේය.
කුසල් මෙන්ඩිස් ලකුණු 10කි. චරිත් අසලංක ලකුණු 02කි. දසුන් ශානක යළිත් ෆේල්ය. ඔහු ලකුණු 05කි.
ලකුණු 100කට අඩුවෙන් දැවී යන බව පෙනුන ශ්රී ලංකා කණ්ඩායම මේ තරම් දුරට ඔසවාගෙන ඒමේ පළමු ගෞරවය ධනංජය ද සිල්වාටය. ඔහ ුලකුණු 93ක් ලබා ගත්තේය. හතරේ පහර 08ක් සහ හයේ පහර 02ක් ඒ ලකුණු 93ට එයත් විය. ඔහු විනාඩ් 159ක් කඩුල්ලේ රැඳුනේය.
දිමුත් කරුණාරත්න ලකුණු 33ක්, මහීෂ් තීක්ෂණ ලකුණු 28ක්, වනිඳු හසරංග ලකුණු 20ක්, ලැබුවේය.
ලොගන් වැන් බීක්, ලකුණු 26කට කඩුළු 03ක්, බාස් ඩි ලිඩ් ලකුණු 42ට කඩළු 03ක්, සකියුබ් සුල්ෆිකාර් ලකුනු 48කට කඩුළු 02ක් ලැබුවේය.







