ලබන මස 6වන දින සිට ලොතරැයි අලෙවිකරුවන්, ලොතරැයි අලෙවියෙන් ඉවත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ පවසයි.
ලබන මස 06වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩල ඊයේ (29) නිවේදනය කිරීමෙන් පසු ලොතරැයි අලෙවි නියෝජිතයන් මෙම තින්දුව ගෙන තිබිණි.
මේ සම්බන්ධයෙන් අද (30) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ පැවසුවේ මෙම තීරණය හේතුවෙන් ලොතරැයි කර්මාන්තය විනාශ විමේ අවදානමක් නිර්මාණය වන බවය.
ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් විසි පන්දහසක් පමණ වන අලෙවි සහායකයන් ඇතුළු විශාල පිරිසකගේ ජීවිත දැඩි අවදානමකට දැමීම මේ තීරණය නිසා සිදු වී ඇතැයි ඔහු කීවේය.







