කාශ්මීරයේ දුෂ්කර ප්‍රදේශවල කාන්තාවන් තවමත් ඔසප් දිනයන්වලදී රුධිරය උරා ගැනීම සඳහා රෙදි කැබැල්ලක් භාවිතා කරන බවත් ඊට ප්‍රධානතම හේතුව සනීපාරක්ෂක නිෂ්පාදන භාවිතා කරන්නට ඇති ලැජ්ජාව බවත් ‘Zoon’ ලෙස හැඳින්වෙන තරුණ සංවිධානයේ සංවිධායක සෙහෙර් මිර් පවසයි.
Andleb-i-Firdous හෙවත් ‘ Zoon ’ සෙහෙර් විසින් ආරම්භ කළේ 2021 ඔක්තෝබර් මාසයේදීය. එවකට 18 හැවිරිදි වියේ පසු වූ ඇය, ඔසප් වීම හා මානසික සෞඛ්‍යයේ වැදගත්කම සම්බන්ධයෙන් ගම්මානවල කාන්තාවන් දැනුවත් කිරීම සඳහා මෙය අරඹන ලදී. මේ වන විට ඔවුන්ගේ කණ්ඩායමට සාමාජිකයින් 50 දෙනෙකු පමණ එකතුව ඇත.
වර්තමානයේදී, රජයේ පාසැල්වලට හා දුෂ්කර ගම්මානවල කාන්තාවන්, ඔවුන් ඔසප්වීම සම්බන්ධයෙන් සේම මානසික සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කරයි.
“කාශ්මීරයේ දුෂ්කර ගම්මානවල කාන්තාවන් සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගන්න ලැජ්ජයි.. අපි ගම්මානවල තරුණියන්ට ඔසප් සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කරනවා.. ඒ වගේම කාන්තාවන්ටත් ඒ ගැන දැනුම ලබා දෙනවා.. ”
ඔසප් සෞඛ්‍යය හා මානසික සෞඛ්‍යය පිළිබඳ පමණක් නොව මෙම සංවිධානය හරහා කාලගුණ විපර්යාසය, ආරථික ස්ථාවරත්ව හා තාක්ෂණය සම්බන්ධයෙන් ද දැනුම ලබා දෙයි.







