ශ්‍රියානි විජේසිංහ –
ශ්‍රී ලංකාවේ සෑම වසරකම අනතුරු හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකය සඳහන් කරයි.
නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට රජයේ රෝහල්වෙත ඇතුළත් කරන සෑම රෝගී පුද්ගලයින් 6 දෙනෙකුගෙන් එක් අයෙකු රෝහල් ගත වන්නේ හදිසි අනතුරක් හේතුවෙන් යැයි 2019 වසර තුළදී වාර්තා වී ඇත.
මෙය වසර 2020දී වාර්තා වූයේ සෑම පුද්ගලයින් 5 දෙනෙකුගෙන් එක් අයෙකු ලෙසය.
සෑම වසරකම පුද්ගලයින් මිලියන 3 – 4 වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු ආකාරයේ අනතුරක් සිදු කර ගන්නා බව ඇස්තමේන්තු කර ඇතැයි බෝනොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ සහ කළමණාකරන අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුවලට අනුව ලංකාවේ දිනකට පුද්ගලයින් 32 – 35 අතර ප්‍රමාණයක් අනතුරු නිසා මිය යන අතර සෑම පැය 3ට වරක් පුද්ගලයින් 4දෙනෙකු අනතුරු නිසා මිය යන බවත් පැවසේ.
මේ අනුව වාර්ෂිකව 11 700ක් පමණ අනතුරු හේතුවෙන් මිය යන බව වෛද්‍යවරයා පැවසුවේය.







