අද (22) අළුයම 2ට පමණ බෙහෙත් කොටන තුවක්කුවක් පත්තු වීම හේතුවෙන් 16 හැවිරිදි පාසල් දරුවෙක් මිය ගොස් තිබේ.
මිය ගොස් ඇත්තේ ගජනැග්ම මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන කැත්තපහුව ප්‍රදේශයේ දරුවෙකි.
අහිංසක ගොවි පවුලක දරුවෙක් වූ ඔහු සිය මව්පියන් සමග පාන්දර අලින්ගෙන් සිය වගාව රැක ගැනීම සඳහා පැලට ගොස් තිබේ.
ඔවුන් ආගරේ ප්‍රදේශයේ පොල් වගාවක් ද ඊට නුදුරින් කුඹුරක්ද වගා කර ඇත.
දරුවා පොල් වගා කරන පැලේ නවත්වා බෙහෙත් කොටන තුවක්කුවත් ඔහු අසලින් තබා මව සහ පියා කුඹුරේ පැලට ගොස් ඇත.
ටික වෙලාවකින් පොල් වගාව ඇති ඉඩම දෙසින් වෙඩි ශබ්දයක් ඇසී ඒ පිළිබඳව බලන විට තුවාල ලබා වැටී සිටින සිය දරුවා දෙමව්පියන් විසින් දැක ඇත.
දරුවා අඹන්පොල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත. අඹන්පොල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.







