මැණික් සොයා අනවසර පතල් කැණීමක් සිදුකරමින් සිටි සූරියවැව විහාරගල පුරාණ රජ මහාවිහාර වාසී භික්ෂුවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සූරියවැව විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබේ.
විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීම සිදුකර ඇත.
විහාරගල පුරාණ රජමහා විහාරස්ථාන ඉඩමේ පිටුපස කොටසේ විශාල ගල පාමුල ලඳු කැළෑව තුළ මෙම පිරිස උක්ත අනවසර පතල් කැණීම සිදුකර තිබිණි.
පතල් කැණීම සදහා භාවිතා කරන උපකරණ සමග අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මාතර මැණික් හා ස්වර්ණාභරන අධිකාරියේ සහකාර අධ්යක්ෂ සුමිත් චන්ද්‍රසේකර වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. 45,000.00 ක ස්ථානීය දඩයක් ඔවුන් වෙත නියම කර තිබිණි.







