සිම්බාබ්වේ හි පැවැත්වෙන කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග අද මුල්ම තරගයට සහභාගී වුන ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 175කි දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය
බුලවායෝ හී ක්වීන්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහරදීමට ඇරයුම් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 06කට ලකුණු 355ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පිතිකරුවන් සිවු දෙනාම අර්ධ ශතක වාර්තා කළහ. පැතුම් නිශ්ශංක පන්දු 76ක දී ලකුණු 57ක්, දිමුත් කරුණාරත්න පන්දු 54ක දී ලකුණු 52ක්, කුසල් මෙන්ඩිස් පන්දු 63ක දී ලකුණු 78ක්, සධීර සමරවික්‍රම පන්දු 64ක දී ලකුණු 73ක් රැස් කළහ. චරිත් අසලංක පන්දු 23 ක දී නොදැවී වේගවත් ලකුණු 48ක් රැස් කළේය. වනිඳු හසරංග පන්දු 12ක දි නොදැවී ලකුණු 23ක් රැස් කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් අල් නසීර් ලකුණු 44ට කඩුලු 02ක බිඳ හෙළුවේය. රොහාන් මුස්තාෆා, ආයන් අෆ්සාල් ඛාන්, බැසිල් හමීඩ් කඩුල්ල බැගින් බිඳහෙළූහ.
පිළිතුරු ඉනිම ක්‍රිඩ කිරීමට පැමිණි එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ඉනිම කුඩු කර දැමීමට වනිඳු හසරංග සමත් විය. වනිඳු පන්දු ඕවර 08ක් තුළ ලකුණු 24කට කඩුළු 06ක් දවා ගත්තේය. ලහිරු කුමාර, මහීෂ් තීක්ෂණ, ධනංජය ද සිල්වා කඩුල්ල බැගින් ලැබූහ. එක්සත් අරාබි එමීර් කණ්ඩායම පන්දු ඕවර 39ක් තුළ ලකුණු 180කට සියල්ලෝ දැවී ගියහ.
එක්සත් අරාබි එමීර් කණ්ඩායම වෙනුවෙන් නායක මුහමඩ් වසීමී හතරේ පහර 05ක් සහ හයේ පරක් සමග ලකුණු 39ක්, ව්‍රීට්යා අරවින්ද් ලකුණු 39ක්, අලී නසීර් ලකුණු 34ක් ලැබුවේය.
තරගයේ වීරයා ලෙස වනිඳු හසරංග නම් කෙරනි.







