පාතාලයේ සැඟවුන ඝාතකයෙක් බව සඳහන් රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරුමූණා’ නැමැත්තාව අද (19) යළිත් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එහිදී සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය ඔහුව රඳවාගෙන මාස තුනක කාලයක් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව පසුගිය 14 වෙනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.
හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන 13කට අවශ්‍යව සිටි මෙම සැකකරු රටින් පිටවී යෑමට උත්සාහ කරද්දී කටුනායක පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන සිටිය දී පුදුම සහගත ලෙස අත්අඩංගුවෙන් මිදී පලා ගියේය.
ඔහුව බේරා ගැනීමට පැමිණි චීවරධාරීන් දෙදෙනෙක් ද පොලිස් අත් අඩංගුවට පත් විය. අත් අඩංගුවේ සිටිය දි පලා ගිය සැකකරු ගේ සිද්ධියට අදාලව කටුනායක පොලිසියේ නිලධාරීන් පිරිසකට එරෙහිව ද විමර්ශන ආරම්භ වූයේය.
මේ අතර යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බූරු මූණා අත්අඩංගුවට ගත්තේය. පසුගිය වකවානුව පුරාම ඔහු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවේය.







