දිනසේන රතුගමගේ –
වවුනියාවේ තේක්කවත්ත ප්‍රදේශයේ ගණිකා නිවාසයක් වටලා පසුගිය දා පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද ලිංගික ශ්‍රමික කාන්තාවන් හත් දෙනාම ගොනෝරියා හා සර්පීස් සමාජ රෝග ආසාදනය වූවන් බැවින් මේ කාන්තාවන්ගේ සේවය ලබා ගත් පුද්ගලයින්ට වහාම වව්නියාව රෝහලට හෝ වෙනත් රෝහලකට ගොස් වෛද්‍ය පරීක්ෂණයක් හා රුධිර පරීක්ෂාවක් සිදු කර ගන්නා ලෙස වවුනියාව පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන් ඉල්ලීමක් කොට තිබේ.
වවුනියාව පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය වවුනියාවේ තේක්කවත්ත ප්‍රදේශයේ එක්තරා ස්ථානයක් වටලා මෙම කාන්තාවන් හත් දෙනා අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් ලිංගික ශ්‍රමිකයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර වවුනියාව මහ රෝහලේදී සිදු කරණ ලද වෛද්‍ය පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ ඔවුන් හත් දෙනාම ගොනෝරියා හා සර්පීස් යන සමාජ රෝගීන් බවයි.
මේ තත්ත්වය නිසා වවුනියාවේ ලිංගික ශ්‍රමිකයන් ඇසුර ලද පිරිස් වවුනියාව මහ රෝහල හෝ වෙනත් රෝහලකට ගොස් වෛද්‍ය පරීක්ෂණයකට ලක් වන ලෙස ඉල්ලීමක් කොට තිබේ.
වවුනියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද ලිංගික ශ්‍රමික කාන්තාවන් හත් දෙනා වවුනියාව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.







