ලලිත් චාමින්ද –
ජනාධිපතිවරණයක් නොව, ඉන්දියාවේ බලපැම් මත පළාත්සභා මැතිවරණය පළමුව පැවැත්විමට ඉඩ ඇති බවට අද (09) පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රි සංසද රැස්විමේ දි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ප්‍රකාශකොට ඇත.
ශ්‍රිලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත්සභා මන්ත්‍රි සංසදයේ රැස්විමක් අද (09) නෙළුම් මාවතේ පිහිටි පක්ෂකාර්යාලයේ දි බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබිණි.
එම රැස්විමේ දි හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන්ට බැසිල් රාජපක්ෂ ප්‍රකාශකොට ඇත්තේ පළාත් සභා මැතිවරණය ඉන්දියාවේ බලපෑම් මත පළමුව පැවැත්විමට ඉඩ ඇති බැවින් ඒ සදහා සුදානම්වන ලෙසය.
ජුලි මස 10 වැනිදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු අගමැති මෝදි හමුවන බවත් එම හමුවේ දි පළාත් සභාමැතිවරණය පැවැත්විම පිළිබද තිරණය වන බවත් එහිදි හෙළි වී තිබේ.
මෙහිදි බැසිල් රාජපක්ෂ සදහන්කොට ඇත්තේ තමන් ඡන්දවලට කැමති බවත් ඡන්දය දිනනවාද පරදිනවාද කියා කියන්නට තමන්ට ඉවක් තිබෙන බවත්ය
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහනය කළහැකි බව තමන්ට පෙනී යන්නේ යැයි බැසිල් රාජපක්ෂ පවසා තිබේ.
මෙම රැස්විමේ දි දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි චම්ලි විතානාච්චි විසින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂගේ නම යෝජනාකොට ඇති අතර හිටපු පළාත් සභා මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස් එය ස්ථිරකොට ඇත.
මෙම යෝජනාව පිළිබද බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා කිසිවක් ප්‍රකාශකොට නැත.







