ඊයේ (07) දින 15ක් වයසැති බිළිඳෙකු ඇතුළු වඳුරු උණ රෝගීන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ රෝගය පවතින බැවින් කලබල නොවන ලෙස මාද්‍ය වෙත වාර්තා කර තිබේ.
වෛද්‍ය ගිනිගේ කියා සිටියේ කිසිදු රෝගිය කු ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූවක් නොවන බවත් එම නිසා අනෙක් අය අතර රෝගය පැතිරීමේ ඉඩකඩ අඩු බව වෛද්‍යවරයා ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් කියා තිබේ.
“ආසාදිත රෝගීන් සමාජයට නිරාවරණය වීම වැළැක්වීම සඳහා සියලු ආරක්ෂක පියවර ගෙන තිබෙනවා. ඒ නිසා ජනතාව කලබල විය යුතු නැහැ,” ඔහු අවධාරණය කළේය.
මේ අතර, බෝවන රෝග රෝහලේ (IDH) අධ්යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා විදේශ රටවල සිට පැමිණෙන අයට වඳුරු රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස උපදෙස් දුන්නේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ වඳුරු පොක්ස් රෝගය වැලඳී ඇති බවට හඳුනාගත් දරුවෙකු ඇතුළු තවත් පුද්ගලයෙන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර, එය මුළු රෝගීන් 4 දක්වා ඉහළ ගොස් ඇති බවයි.







