පසුගිය සඳුදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි මහල් නිවාසයක පසුගිය සඳුදා (22) ඇති වූ ගින්නකින් මිය ගිය 06 දෙනා අතර ශ්‍රි ලාංකික කාන්තාවක් ද සිටින බවට අබුඩාබි සිවිල් ආරක්ෂක අධිකාරිය තහවුරු කර තිබේ.
එම ගින්නෙන් තවත් පුද්ගලයින් 07 දෙනෙක් තුවාල ලබා තිබිණි. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකු බරපතල තුවාල තත්වයේ පසුවන බවත්, පස් දෙනෙකුට සාමාන්‍ය තුවාල සිදුවී ඇති බවත් වාර්තා වේ.
අබුඩාබියේ බානි යාස් ප්‍රදේශයේ අල් මෝසෙස් ප්‍රදේශයේ දෙමහල් නිවසක ගින්න හටගෙන තිබිණි.
මියගිය අය අතර එකම පවුලේ සහෝදරියන් තිදෙනෙක් – දරුවෙකු ද හා මෙම ශ්‍රී ලාංකික කාන්තාව ද වේ. සඳුදා අලුයම අලුයම ගින්න හටගන්නා විට පවුලේ සාමාජිකයන් නිදා සිට ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් මාධ්‍යයට කියා සිටියේ මිය ගිය කාන්තාව 2021 වසරේ සංචාරක වීසා මත රැකියාවක් සඳහා අබුඩාබි වෙත ගොස් ඇති බවයි.
මියගිය කාන්තාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බව ඔහු පැවසීය.







