සුමිත් පොතුපිටිය –
ත්රිරෝද රථයක රෝදයක් ගැලවී යාමෙන් යතුරුපැදියක මුහුනට මුහුන ගැටී සිදුවූ රිය අනතුරකින් විවාහක කතක් මියගොස් පිරිමි දරුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා ඇතැයි හොරණ පොලිසිය කියයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ බටුවිට, ගෝනපල ප්රදේශයේ පදිංචිව සිටී 36 හැව්රිදි පවිත්රා කුමාරී නමැති විවාහක කාන්තාවක බව පොලිසිය පවසයි.
සිය පුතා සහ තවත් පිරිමි දරුවෙකු පෞද්ගලික උපකාරක පංතියකට රැගෙන යමින් සිටියදී අනතුර සිදුව ඇතැයි පොලිසිය කීය.
තුවාල ලැබූවන් අතර මියගිය කාන්තාවගේ 13 හැවිරිදි දරුවා,යතුරුපැදියේ ගමන්ගත් අනෙක් දරුවා සහ ත්රීරෝද රථ රියදුරුද වේ.
බටුවිට කුළුපන මාර්ගයේ කුළුපන දෙස සිට බටුවිට දෙසට ධාවනය වූ ත්රිරෝද රථය රෝදයක් ගැලවී යාමෙන් පාලනයෙන් මිදී ඉදිරියෙන් පැමිණි යතුරුපැදියේ ගැටී අනතුර සිදුව ඇත.
මූලස්ථාන පොලිස් පරීක්ෂක පනාවල මහතාගේ ප්රධානත්වයෙන් රථවාහන අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ධර්මවංශ මහතාගේ ප්රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක චතුරංග විජේසිංහ සහ සැරයන් රත්නවීර (32274) යන මහත්වරුන් පරීක්ෂණ පවත්වති







