පාකිස්තාන ටෙහරීක් ඊ ඉන්සාෆ් අධාරකරුවෝ විසින් එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර පිහිටි පාකිස්තාන තානාපති කාර්යාලය ඉදිරිපිට හිටපු අග්රමාත්ය ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධතාවයක් පැවැත්වූහ.
මෙහිදී එම පිරිස විසින් ඉම්රාන් ඛාන් වහාම නිදස්කරන ලෙසටත් පාකිස්තානය නිදහස් කරන ලෙසටත් සඳහන් විරෝධතා පාඨ සහිතව සිය විරෝධතාවය පළකළ අතර එහිදී විශාල පිරිසක් හිටපු අග්රමාත්යවරයා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිය බරපතල විරෝධය පළකළහ.
එහිදී අදහස් දක්වමින් ටෙහරීක් ඊ ඉන්සාෆ් හී ඇමරිකානු ශාඛාවේ හිටපු සභාපති ජොනි බශීර් ප්රකාශ කර සිටියේ, ″ අපේ නායකයාව මාෆියා කණ්ඩායමකගේ පැහැර ගැනීමකට ලක්වුනා. මම ඒ පිරිසට පොලිසියට කියන්න යන්නේ නෑ මොකද ඒ අත් අඩංගුවට ගැනීම සිදු කළේ කිසිම හේතුවක් හෝ පැහැදිලි කිරීමක් නැතිවයි. මේක නීතියට සහ මානව හිමිකම් වලට සම්පූර්ණයෙන්ම පටහැනි ක්රියාවක්.″ යනුවෙනි.







