සූරියවැව නුවන් ජයසේකර –
හම්බන්තොට රිදියගම සෆාරි උද්‍යානය තුළට හොර රහසේ ඇතුළු වී සිටි පුද්ගලයෙකු එහි සේවකයන් විසින් අල්ලා පරීක්ෂණ සදහා ඊයේ ( 15) සවස අම්බලන්තොට පොලිසියට බාරදීමට කටයුතු කළ බව රිදියගම සෆාරි උද්‍යානයේ සහකාර අධ්යක්ෂ කසුන් හේමන්ත පැවසීය.
රිදියගම සෆාරි උද්‍යානය සත්ව ඝාතකාගාරයක් බවට පත්ව ඇති බවට එහි හිටපු පශු වෛද්‍ය වරයෙකු දිගින් දිගයට චෝදනා එල්කරමින් සිටින පසුබිමක් තුළ එහි සේවකයන් විසින් මෙම පුද්ගලයා ඔවුන් බාරයට ගෙන පොලිසියට බාරදිමට පියවර ගෙන තිබේ.
පොලිස් අත්අඩංගුවට පත් මෙම පුද්ගලයාගෙන් සිදුකල ප්‍රශ්න කිරිමේදි ඔහු පවසන්නේ තමන් යුධ හමුදා නිළධාරියෙකු බවත්, උත්සවයකට සහභාගී විමට ගිය අවස්ථාවේ ඔහුට යම් කරදරයකට මුහුණදිමට සිදු වූ බවත් ඉන් බේරීමට සෆාරි උද්‍යානයට ඇතුළු වු බවත්ය.
කෙසේ වෙතත් ආන්දෝලනයට තුඩු දි ඇති රිදියගම සෆාරි උද්‍යානය තුළට අදාල පුද්ගලයාගේ පැමිණීම සැකකටයුතු බව සේවකයෝ පැවසූහ.
අත්අඩංගුවට පත් පුද්ගලයා සම්බන්ධයෙන් අමබලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.







