සුමිත් පොතුපිටිය
සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් සංචාරකයින් වෙනුවේන ප්‍රදේශ ගණනාවක අවුරුදු උත්සව සංවිධානය කර තිබිණි. වාද්දුව බ්ලූ වෝටර් හෝටලය සංවිධානය කළ බක් මහ උළෙලක් අද (15) එම හෝටල් පරිශ්‍රයෙදී පවත්වනු ලැබුවේය.

හෝටලයේ නවාතැන් ගෙන සිටින ජර්මනිය , එංගලන්තය, රුසියාව ආදී රටවල විදේශිකයන් මේ සඳහා උනන්දුවෙන් සහභාගි වන අයුරු දැකගත හැකිවිය.
කැවුම් කොකිස් වැනි අවුරුදු කෑම ක්ෂණිකව පිළියෙළ කරදුන් අතර, පොල් රා සහ තැඹිලි වැනි දෑ ද විදේශිකයින් වෙනුවෙන් පිළියෙළ කර තිබිණි. ඔවුන් ඒවායේ රස බලමින් ඔන්චිලි පැද විනෝද වන අයුරුද දැකගත හැකිවිය.
විදේශිකයන් කනා මුට්ටිය බිඳීම, අලියට ඇස තැබීම සහ කොට්ට පොර ගැසීම සහ ගෝනියේ බැස දිවීම තරග සඳහා එක් වූහ.







