පානයේ වකයාමා වරාය නගරයේ පැවති උත්සවයක කතාවක් පවත්වමින් සිටින අතරතුර එරට අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂාඩා ට මීට ස්වල්ප මොහොතකට පෙර එල්ල කළ ප්‍රහාරයකින් වළකා ඔහු ආරක්ෂා සහිතව එතනින් ඉවත් කර ගැනීමට ජපාන අරක්ෂක අංශ සම්තව ඇති බව එරට වාරතා සඳහන් කරයි.
ඔහු දෙසට බටයක් වැනි වස්තුවකින් දමා ගසා ඇති අතර පිපිරීමක් ද සමඟ දුමක් පිටව යන ආකාරය පටිගත වූ දර්ශනවලින් පෙනේ.
BREAKING 🚨 Japan’s Prime Minister evacuated after blast at speech in Wakayama, local media reports pic.twitter.com/AHJppKI16m
— Insider Paper (@TheInsiderPaper) April 15, 2023
එම ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් වූ බවට මෙතෙක් වාර්තා වී නැත.
ජපානයේ NHK ජාතික මාධ්‍ය ආයතනය ප්‍රකාශ කරන්නේ අග්‍රමාත්‍යවරයා ආරක්ෂිතව පසුවන බවය. මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.
ජපානයේ වැඩිම කාලයක් අගමැති ධුරයේ සිටි හිටපු අගමැතිවරයකු වන ශින්ෂෝ අබේ පසුගිය වසරේ ජූලි 28 වැනිදා එරට නාරා නගරයේ දී තුවක්කුකරුවකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබිණි.







