අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රිදියගම සෆාරි උද්‍යානය ලංකාවේ ලොකුම මස් මඩුවයි… උද්‍යානය තුළ සිදුවන සාහසික අපරාධය හිටපු ප්‍රධාන පශු වෛද්‍ය විශේඥවරයා හෙළි කරයි!

සතුන්ට දෙන මස්ටික හොරකම් කරන් බයිට් හදාගෙන පළතුරුවලින් කසිප්පු පෙරන් ඒවා කාලා බීලා උද්‍යානයේ සත්තු මස් කරලා විකුණනවා!

by editor
අප්‍රේල් 10, 2023
in පුවත්
රිදියගම සෆාරි උද්‍යානයේ හිටපු ස්ථානභාර ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිමාන්න.....

රිදියගම සෆාරි උද්‍යානයේ හිටපු ස්ථානභාර ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී ප්‍රියසාද් එදිරිමාන්න.....

Share on FacebookShare on Twitter
  • සත්තුන්ගෙ කෑම ටික හොකරකම් කරන් කසිප්පු පෙරන, සත්තු මස් කරලා විකුණන  සුළු සේවකයින්ගේ අතිකාල ඩේලි පොලී කරලා සල්ලි හම්බකරන මිනිස්සු  ඉන්න ආයතනයක් දියුණු වෙයි ද?.

  • වන සතුන් පිළිබඳ විශේෂඥතාවයක් ඇති මාව වහාම ක්‍රියාත්මකවන පරිදි පේරාදෙණිය සත්ත්ව ගොවිපලට මාරු කළේ අනුප්‍රාප්තිකයෙක් නැතිව… වෛද්‍යවරු 03ක් ඉන්න තැන දැන් ඉන්නේ 01යි… සත්තුන්ගේ ජීවිත නැවතත් අනතුරේ..

  • ඉතිරිවෙලා තියන විකල්පය රට හැර යෑම… ලෝකයේ කොතැන හිටියත් මේ අහිංසක සතුන්ගේ ජීවිත වෙනුවෙන්  මම හඬක් නගනවා…

රිදියගම සෆාරි උද්‍යානය යනු ලංකාවේ විශාලම සත්ත්ව ඝාතකාගාරය බව එම උද්‍යානයේ හිටපු ස්ථාන භාර පශු වෛද්‍ය විශේෂඥ ප්‍රියසාද් එදිරිවර්ණ පවසයි.

සෆාරි උද්‍යානයේ වෙසෙන ගෝනුණුන්, වල්  ඌරන්,  මුවන්, ඇතුළු වටිනා දුර්ලභ සතුන් මස් පිණිස ඝාතනය වීම සෆාරි උද්‍යානය තුළම සිදුවද්දී තමන් ඊට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත් බවත් අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා සියලුම බලධාරීන් දැනුම්වත් කළ බවත් හෙළි කරයි.

සත්තුන්ට ලැබෙන මස් වලින් කිලෝ ගණන් හොරකම් කර බයිට් හදාගෙන, සතුන්ට ලැබෙන පළතුරුවලින් කොටසක් සොරකම් කර පෙරා ගන්නා කසිප්පු පානය කරමින් මස් වැද්දන් සේ සතුන් මරණ රිදියගම සෆාරි උද්‍යානයේ තිරිසන් පාලකයින්ට එරෙහි වූ තමන්ට මරණ තර්ජන එල්ල වූවා පමණක් නොව, අනුප්‍රාප්තිකයෙක් නොමැතිව පෙරාදෙණිය කෘෂිකර්ම අමාත්‍යාංශයට වහාම ක්‍රියාත්මක වන පිරිදි මාරු කර යැවූ බව ඔහු කියයි.

තමන්ගේ විශේෂඥ තාවය ඇත්තේ වන සතුන්ට විනා කෘෂිකර්මයට අදාල සත්ත්ව පාලනයට නොවන බවත්, තමන් වසර හයක් තිස්සේ සේවය කළ අත්දැකීම් බහුලම වෛද්‍යවරයා බවත් පවසන වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ තමන් ගැන අමතක කරන ලෙසත් මේ වනවිට වෛද්‍යවරුන් තිදෙනෙක් සිටිය යුතු සෆාරි උද්‍යානයේ දැන් සිටින්නේ එක් වෛද්‍යවරයෙක් පමණක් බවත් සතුන්ගේ ජීවිත බරපතල අවදානමක ඇති බවත් හෙළි කරයි.

“ මේ අපරාධය වන සතුන්ට කරන්න එපා. අපි බොහොම ආසාවෙන් හදාගත්තු සත්තු ටිකක් එතන ඉන්නේ. මාව මාරු කළාට කමක් නෑ. එතෙන්ට විෂය ගැන දන්න වෛද්‍යවරයෙක් අනුයුක්ත කළ යුතුයි. එහෙම නැතිව දැන් මාව පැය 24ක් යන්න පෙර ඉවත් කරලා දෙහිවලින් වෛද්‍යවරු ගමන් වියදම් දීමනා දීලා රිදියගම එවනවා.”

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ ආයතනය තුළ සිදුවන අපරාධයට එරෙහිවීම සාහසික කමක් ද?. එය මගේ මානව සම්බන්ධතාවල ප්‍රශ්නයක් ද?. මගෙ සතුන්ගේ කෑම ටික හොරකම් කරනවිට, මගේ සතුන් මරලා මස් ටික කනකොට, මස් ටික විකුණනකොට ඒකට එරෙහි වීම පශු වෛද්‍යවරයෙක් ලෙස මට වගකීමක් නැද්ද?.”

වැඩකරන කම්කරුවන්ගේ අතිකාල දීමනාව ඩේලි පොලියට දෙන පාලකයින් සහිත ආයතනයක් සතුන් වෙනුවෙන් වෙන්කළ උද්‍යානයක් මස් මඩුවක් කළ ආයතනක් දියුණු වේදැයි පශු වෛද්‍යවරයා ප්‍රශ්න කර සිටින්නේය.

තමන්ගේ විශේෂඥතාවය ඇති ක්ෂේත්‍රය තුළ රැකියා අවස්ථාවක් නොලැබේනම්  වෘත්තිකයෙකුගේ එකම විකල්පය රට හැර යෑම බවත් එය කරනවා ද නැද්ද යන්න ඉදිරියේ දී තීරණය කරන බවත් පවසන විශේෂඥ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ කොතැන සිටියත්  රිදියගම සෆාරි උද්‍යානය තුළ සිදුවෙමින් ඇති සාහසික අපරාධයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන බව පවසයි.

මේ අපරාධයට එරෙහිව නැගී සිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වීඩියෝව බලන්න….

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කැනඩා නව මහ කොමසාරිස් සහ NPP අතර හමුවක්!

Next Post

රිදියගම සෆාරි උද්‍යානයේ ඉඳලා හිටලා සතෙක් දෙන්නෙක් මරණවා තමයි… ඒත් ඔය දොස්තර කියන තරම් ලොකු දෙයක් නෑ… සත්වෝද්‍යාන දෙපාරත්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.