ලලිත් චාමින්ද –
හික්කඩුව තොටගමුව පාලම අසල මොලපු ඔය ඇළ මාර්ගයේ පාවෙමින් තිබු රුසියානු ජාතික කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (08) පස්වරුවේ දි සොයාගත් බැව් හික්කඩුව පොලිසිය පවසයි.
මෙකි රුසියානු ජාතික කාන්තාව 35 හැවිරිදිවියේ පසුවන අතර ඇය මොලපු ඔය අසල ඇති විලා එකක තනිවම පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි.
රුසියානු ජාතික කාන්තාව මිට මාස තුනහමාරකට පමණ ඉහතදි මෙරටට පැමිණ ඇත. ඇයගේ මළ සිරුර ඔයේ පාවෙමින් තිබෙනු දැක ධිවරයකු විසින් පොලිසියට දැනුම් දි ඇත.
මියගිය රුසියානු ජාතික කාන්තාවගේ මළ සිරුර ගාල්ල වැඩබලන මහේස්ත්රාත් ලලිත් පතිරණ ගේ නියෝගයකට අනුව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යනු ලැබිය.
හික්කඩුව පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.







