අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිංගික හිංසනයන්ට එරෙහිව සියවසක කාලයක් කාන්තාවන් භාවිත කරන කුඩා උපකරණය – හැට්ට කටුව…

by editor
අප්‍රේල් 8, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ගීතා පාණ්ඩේ
බීබීසී පුවත්, දිල්ලිය

ඇගේ පියයුරු ස්පර්ශ කිරීම හෝ ඇගේ පසුපස ප්‍රදේශය කෙනිත්තීම, වැළමිටින් ඇගේ පපුව තද කිරීම හෝ යමෙක් (ඔහුගේ ශරීරය) ඇගේ ශරීරයේ ඇතිල්ලීම වැනි සෙනඟ පිරුණු පොදු ස්ථානවල දී ලිංගික හිංසනයන්ට ලක්වන්නට සිදුවූ කතාවක් හැම ඉන්දියානු කාන්තාවකට පාහේ තිබේ.

තමාව ගොදුරුකරගන්නට හදන තැනැත්තාට පෙරළා පහරදීමට කාන්තාවන් ඔවුන් සතුව ඇති ඕන දෙයක් පාවිච්චි කරයි. උදාහරණයක් වශයෙන් දශක කීපයකට පෙර නැගෙනහිර කොල්කටාවේ සෙනග පිරුණු බස් හා ට්‍රෑම් රථවල ගමන් කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ලෙස මමත් මගේ මිතුරියනුත් ඒ සඳහා කුඩය පාවිච්චි කළෙමු.

අපේ බහුතරයක් එවැනි දඩාවතේ යන අත් සීරීමට අපේ නියපොතු දිගුව සහ තියුණුව තබාගෙන සිටි අතර, ඇතැමුන්, සෙනඟ පිරුණු බස්වල දී ඔවුන්ගේ ශිෂ්ණය අපගේ පසුපසට තද කරමින් අවශ්‍යතා සපුරා ගන්න හදන පිරිමින්ට පහර දීමට අඩි උස සපත්තුවේ තියුණු උළ භාවිත කළහ.

තවත් බහුතරයක් වඩාත් හොඳ ප්‍රතිඵල සහිත උපකරණයක් වන සුලබ හැට්ට කටුව (ආය කට්ට) පාවිච්චි කළ හ.
1849 දී එය නිපදවීමේ සිට ලොව පුරා කාන්තාවෝ විවිධ රෙදි කැබලි එකට ඇමිණීමට හෝ හදිසියේ ඇඳුම්වල ඇතිවන දෝෂයක් සමග කටයුතු කිරීමට හැට්ට කටු භාවිත කළ හ.

ඔවුන්ගේ හිංසකයන්ට එරෙහිව රුධිරය සොලවා හෝ සටන් කිරීමට ගෝලීයව කාන්තාවන් විසින් එය භාවිත කර ඇත.
මාස කිහිපයකට පෙර, ඉන්දියාවේ කාන්තාවන් කිහිපදෙනෙකු ට්විටර්හි පාපොච්චාරණය කර තිබුණේ ඔවුන් සමග හෝ අත්බෑගයේ නිතරම කටුවක් රැගෙන යන බවත්, සෙනඟ පිරුණු ස්ථානවල දී කාමවිකෘතිකයන්ට එරෙහි ව සටන් කිරීමට තෝරාගත් ආයුධය එය බවත් ය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔවුන්ගෙන් එක් අයෙකු වන දීපිකා ෂර්ගිල්, ඇය සැබැවින් ම එය භාවිත කර ලේ සෙලවූ අවස්ථාවක් ගැන ලියා තිබුණි. ෂර්ගිල් බීබීසියට පැවසුවේ එය සිදුවූයේ තමා කාර්යාලයට යාමට දිනපතා ගමන් ගන්නා බස් රථය තුළ දී බව යි. මෙම සිදුවීම දශක කීපයකට එර සිදුවූවත් ඇයට එහි සෑම කුඩා තොරතුරක් ම මතක තිබේ.

මාස කිහිපයක් ඇයව හිංසනයට ලක් කළ පුද්ගලයාට එරෙහිව දීපිකා ෂර්ගිල් හැට්ට කටුවක් පාවිච්චි කළා ය.

ඇයට අවුරුදු විස්සක් පමණ වූ අතර, ඇයට වධ දුන් පුද්ගලයා ඔහුගේ හතලිස්ගණන්වල මැදභාගයේ සිටියේ ය. ඔහු නිතර ම අළු පැහැති සෆාරි ඇඳුමක් (ඉන්දියානු රජයේ සේවකයන් අතර ජනප්‍රිය, කොටස් දෙකකින් යුතු ඇඳුමක්) ඇඳ, පටි සහිත ඇරුණු සෙරප්පු පැළැඳ සිටි අතර සෘජුකෝණාස්‍රාකාර සමින් නිමවූ බෑගයක් රැගෙන ගියේ ය.

“මේ මිනිහා නිතර ම මම ඉන්න තැනට ඇවිත් හිටගෙන හේත්තු වෙලා එයාගෙ ඉනෙන් පහළ මගේ ඇඟේ පිටුපස්සේ අතුල්ලනවා වගේම රියැදුරා බ්‍රේක් ගහන හැම වෙලාවකම මගේ ඇඟට වැටෙනවා.”

ඒ දිනවල, ඈ පවසන පරිදි ඇය, “ගොඩක් බයගුළුයි වගේ ම මට අවධානයක් යොමු කරගන්න අවශ්‍ය වුණේ නෑ”, නිසා ඇය මාස කීපයක් නිහඬ ව විඳවමින් සිටියාය.

නමුත් එක හවසක ඔහු “ස්වයංවින්දනය කරමින් මගේ උරහිස මත (ශුක්‍රාණු) පිටකරපු වෙලාවේ දී” ඇය මේ හොඳට ම ඇතියැ යි තීරණය කළා ය.

“මට අපිරිසිදු බවක් දැනුනා. ගෙදරට ආවාට පසුව මම සෑහෙන වෙලාවක් නෑවා. මට මොකක්ද වුණේ කියලා මම මගේ අම්මටවත් කිව්වේ නෑ” යැයි ඇය පැවසුවා ය.

“එදා රෑ මට නිදාගන්න බැරි ව රස්සාවෙන් ඉවත් වෙන්න පවා සිතමින් හිටිය නමුත් මම පළිගන්නෙ කොහොමද කියලා සිතන්න පටන් ගත්තා. මට ඔහුගෙ ශරීරයට රිද්දලා, ඔහුට හානි කරලා, ආපහු කවදාවත් මට මෙහෙම කරන්නෙ නැති වෙන්න ඔහුට බාධා කරන්න අවශ්‍ය වුණා.”

මීලඟ දිනයේ දී, ෂර්ගිල් තමන්ගේ පැතලි සපත්තු වෙනුවට අඩි උස සපත්තු පැළැඳ හැට්ට කටුවකින් ද සන්නද්ධ වී බසයට ගොඩ වූවා ය.

“ඔහු මගේ ළඟට ඇවිත් හිටගත්ත ගමන් ම මම මගේ සීට් එකෙන් නැගිටලා ඔහුගෙ කකුලේ ඇඟිලි මගේ සපත්තුවෙන් පෑගුවා. ඔහු කෙඳිරි ගානවා ඇහිලා මට ලොකු සතුටක් දැනුණා. ඊළඟට මම කටුවෙන් ඔහුගේ අතේ පහළට ඇණලා ඉක්මනින් බස් එකෙන් බැස්සා.”

ඇය තවත් වසරක් දිගට ම ඒ බස් රථයේ ගමන් කළත් ඔහු දුටු අවසාන අවස්ථාව එය බව ඇය පැවසුවා ය.
ෂර්ගිල්ගේ කතාව සිත් කම්පනයට පත්කරන්නක් වුවත්, විරල කතාවක් නොවේ.

ඉන්දියාවේ සෑම කාන්තාවකටම පාහේ ජනාකීර්ණ පොදු ප්‍රවාහනය තුළ සිදුවූ ලිංගික හිරිහැර පිළිබඳ කතාවක් තිබේ

ඉන්දියාවේ සෑම කාන්තාවකට ම පාහේ සෙනඟ පිරුණු පොදු ප්‍රවාහණයේ දී මුහුණදීමට සිදුවූ ලිංගික හිංසනයක් පිළිබඳ කතාවක් තිබේ.

කොචින් සහ බැංගලෝර් යන දකුණේ නගර දෙක අතර රාත්‍රියේ ගමන් කරන බසයක දී නොනවත්වා පිරිමියෙකු ඇයට කරදර කළ විට ඇති වූ සිද්ධියක් ඇයගේ වයස තිස් ගණන්වල පසුවන සහායිකාවක් පැහැදිලි කළා ය.

“මුල් අවස්ථාවේ දී ඒක වැරදීමක් කියා හිතලා ඔහුව මම කලබලෙන් ඉවත් කළා,” යැයි ඇය පැවසුවා ය.

නමුත් ඔහු දිගට ම එසේ කළ නිසා එය සිතා මතා කරන දෙයක් බවට ඇය තේරුම්ගත් අතර, ඇගේ ස්කාෆයේ තැනක ගසා තිබූ හැට්ට කටුවක් “දවස බේරා ගැනීමට” භාවිතා කිරීමට ඇයට සිදුවිය.

“මම ඔහුට (කටුවෙන්) ඇන්නම ඔහු ඉවත්වුණා. නමුත් ආයෙ ආයෙ ඔහු උත්සහ කරන විට මමත් දිගට ම ඔහුට කටුවෙන් අනින්න උත්සහ කරමින් හිටියා. අන්තිමේ දී ඔහු යන්න ගියා. මගේ ළඟ හැට්ට කටුවක් තිබුණු එකට මම සතුටු වෙනවා වුණත් අනෙක් පැත්ත හැරිලා ඔහුට ගහන්න බැරිවුණු එක ගැන මට මෝඩ හැඟීමක් තියෙන්නෙ,” ඇය පවසයි.

“නමුත් මම පොඩි කාලෙ දි මම මොකක් හරි අනතුරු ඇඟවීමක් කළොත් කවුරුවත් මට උදවු කරන එකක් නෑ කියලා කණගාටුවෙන් හිටියේ” යනුවෙන් ඇය එකතු කළා ය.

බොහෝ ක්‍රියාකාරිකයන් පවසන්නේ බොහෝ කාන්තාවන්ට දැනෙන මේ බය සහ ලැජ්ජාව, ලිංගික හිංසකයන් ධෛර්යයමත් කරන අතර ප්‍රශ්නය වඩාත් පුළුල් කරන බවයි.

2021 දී ඉන්දියානු නගර 140ක සිදු කළ සමීක්ෂණයක දී 56%ක් කාන්තාවන් පොදු ප්‍රවාහනයේ දී හිංසනයට ලක් ව ඇතැ යි වාර්තා වී ඇති නමුත් පොලිස් ස්ථානයකට ගොස් තිබෙන්නේ 2%කි. අති බහුතරයක් පැවසුවේ ඔවුන්ට සිද්ධියක් නිර්මාණය කිරීමට අවශ්‍ය නොවූ නිසා හෝ තත්ත්වය තවත් නරක අතට යනු ඇතැයි සිතා ඔවුන් විසින් ම ක්‍රියාමාර්ග ගැනීම හෝ බොහෝවිට වෙනත් තැනකට ගොස් එය නොසලකා සිටීම සිදු කළ බවයි.

“අනාරක්ෂිත හැඟීම” නිසා ඔවුන් අධ්‍යාපන සහ රැකියා අවස්ථා ප්‍රතික්ෂේප කර ඇති බව 52%කට වඩා පැවසූහ.

පොදු ස්‍ථාන කාන්තාවන්ට ආරක්ෂිත සහ ඇතුළත්වියහැකි තැන් බවට පත්කිරීම වෙනුවෙන් වැඩ කරන සමාජ සංවිධානයක් වන Safety Pinහි සම ආරම්භක කල්පනා විශ්වනාත් පවසන්නේ “ලිංගික හිංසනයට පිළිබඳව ඇති බය සැබෑ ම හිංසනයකටත් වඩා කාන්තාවන්ගේ මනෝභාවයට සහ සංචලතාවයට බලපෑමක් ඇති කරනවා” යනුවෙනි.

දිල්ලි මෙට්‍රෝවේ කාන්තා මඟීන් සඳහා සෑම දුම්රියකම එක් මැදිරියක් වෙන්කර ඇත

“කාන්තාවන් තමන්ට ම සීමාවන් දාගන්නවා වගේ ම ඒක පිරිමින්ට වගේ අපටත් සමපුරවැසි අයිතිවාසිකම් තිබෙනවා කියන එක ප්‍රතික්ෂේප කරනවා. ඒක කාන්තාවන්ගේ ජීවිතයට ඇත්තටම වෙන අතවරයකට වඩා ගැඹුරු බලපෑමක් ඇති කරනවා.”
විශ්වනාත් පෙන්වා දෙන්නේ කාන්තා හිංසනය ඉන්දියාවට පමණක් සීමාවූවක් නොවන බවත්, එය ගෝලීය ව ප්‍රශ්නයක් බවයි. ලන්ඩන්, මෙක්සිකෝ, නිව්‍ යෝර්ක්, ටෝකියෝ සහ කයිරෝ නගරවල කාන්තාවන් 1000ක් යොදාගෙන තොම්සන් රොයිටර්ස් පදනමේ සමීක්ෂණයක් පෙන්වා දෙන්නේ “කාර්යබහුල හෝරාවන් වල ඇති තදබදයෙන් තමන්ගේ හැසිරීම සඟවා ගන්නා සහ හසුවුවහොත් එය නිදහසට කරුණක් ලෙස භාවිත කරන ලිංගික ගොදුරු සොයන්නන් කාන්දමක් සේ ප්‍රවාහන ජාල වෙත ඇදී එන බවයි”.

ලතින් ඇමරිකාවේ සහ අප්‍රිකාවේ කාන්තාවන් ද හැට්ට කටු රැගෙන යන බව ඇයට පැවසූ බවට විශ්වනාත් පවසයි. එමෙන් ම ස්මිත්සෝනියන් සඟරාව වාර්තා කරන්නේ 1900 ගණන්වල පවා කාන්තාවන් ඔවුන්ගේ ළඟට ම පැමිණ සුවපහසුවක් ලබා ගැනීමට උත්සහ කරන පිරිමින්ට ඇනීමට තොප්පි කටු යොදාගත් බවයි.
කෙසේ නමුත් ගෝලීය සමීක්ෂණ කිහිපයක ම ප්‍රසිද්ධ ස්ථානවල හිංසන අතරින් මුල් ස්ථානවල රැඳී සිටිය ද, එය විශාල ප්‍රශ්නයක් ලෙස ඉන්දියාව හඳුනාගෙන ඇති බවක් නොපෙනේ.

වාර්තාවීම අඩු නිසා ඒවා අපරාධ ගණනය කිරීම්වලට ඇතුළත් නොවීම නිසා සහ කාන්තාවන් ආකර්ෂණය කරගැනීමට හිංසනය එක් මාර්ගයක් බවට ජනප්‍රිය සිනමාව අපට උගන්වා ඇති නිසා සමහරවිට එසේ විය හැකි බව විශ්වනාත් පවසයි.
පසුගිය අවුරුදු කිහිපය තුළ නගර කිහිපයක දේවල් වර්ධනය වී ඇති බව විශ්වනාත් පවසයි.

දිල්ලි අගනුවර, බස් රථ වල අනතුරු නාද බොත්තම් හා සීසීටීවී කැමරා, කාන්තා රියැදුරන් වැඩි වශයෙන් යෙදවීම, කාන්තා මගීන් පිළිබඳ වඩාත් වගකීම් සහගත වීමට සහ සංවේදි වීමට රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පුහුණු වැඩමුළු සංවිධානය සහ බස් රථවල විනයාරක්ෂකයන් යෙදවීම සිදු කර ඇත. පොලිසිය ද කාන්තාවන්ට උපකාර සෙවිය හැකි ජංගම දුරකතන යෙදවුමක් සහ උපකාරක සේවා දුරකතන අංකයක් එළි දක්වා තිබේ.

නමුත් විශ්වනාත් පවසන්නේ එය නිතර ම පොලිස් කටයුතු පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවයි.

“මම හිතන්නෙ වැදගත් ම විසඳුම වෙන්නේ ප්‍රශ්නය ගැන අපි වැඩිපුර කතා කරන එක සහ පිළිගත හැකි හැසිරීම් සහ එසේ නොවන ඒවා මොනවාද යන්න මිනිස්සුන්ට වැපිරිය හැකි සංයුක්ත මාධ්‍ය ප්‍රචාරණයක් තිබීමයි.”

එය සිදුවෙන තෙක්, ෂර්ගිල් සහ මගේ සගයන්ටත් මිලියන ගණනක ඉන්දියානු කාන්තාවන්ටත් හැට්ට කටුවක් අතේ තබාගැනීමට සිදුවේවි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැය 15ක් ප්‍රමාද වී ඩුබායි බලා ගිය ශ්‍රී ලංකන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් හරවාගෙන ආපහු ඇවිත්…

Next Post

ගෑස් මිලේ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලේ අඩුව පාරිභෝගියින්ට ලබා දුන්නේ නැතිනම් ආපනශාලාවල අපිරිසිදුකම ගැන හෙළි කරනවා… ආපන ශාලා හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවිමක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.