ඒ. ජේ. ඒ. අබේනායක –
-
සී.අයි.ඩී.ය ප්‍රකාශ සටහන් කරන් තියෙන්නෙ ඩයනගේ ගෙදරට ගිහින්…
-
මෙම නඩුවේ නිමිත්ත පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නයක් වුනත් බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට පමණක් නිකුත් කරන ගුවන් ගමන් බලපත්‍රයකින් ලංකාවට පැමිණි ඇය ලංකාවේ පුරවැසි භාවය ලබා ගත්තේ දැයි සී.අයි.ඩීය ඇගේ ප්‍රකාශ සටහන් කරගැනීමේ දී විමසා නෑ…
-
නීතිය ඉටු නොවන නිසා අධිකරණයට ආවත් ඩයනා අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් කුමට ද?.. යුක්ති ගරුක ජන සමාජයකට අපි දෙන පණිවිඩය කුමක් දැයි නීතිඥවරු අධිකරණයේ දී ප්‍රශ්න කරති…
ආගමන විගමන පනත උල්ලංඝනය කර ඇතැයි කියන රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙසට කර ඇති ඉල්ලීමමෙන්ම ඇයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව ලබා දෙනතෙක් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 24 වැනිදා නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (06) දින නියම කළේය.
බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් බ්‍රිතාන්‍ය රජය විසින නිකුත් කරනුයේ එරටේ පුරවැසියකුට පමණක් බවත් එම ගමන් බලපත්‍රය උපයෝගි කර ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති ඇය ලංකාවේ පුරවැසිභාවය ලබාගත්තේ දැයි යන පැනය ඇයගෙන් ප්‍රකාශ සටහන් කළ අවස්ථාවේදී විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිතාමතාම හෝ අතපසුවීමකින් හෝ මගහැර ඇති බවක් පැමිණිලිකාර ඩිෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණයට පැවසීය.
ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉල්ලුම් නොකළ බව ඇය ලබාදුන් ප්‍රකාශය මගින්ම සනාථ කර ඇතැයි ද අධිකරණයට පැවැසූ ජනාධිපති නීතිඥවරයා නීතිඥ දෙපාර්තමේන්තුව ස්වාධීනව කටයුතු කරන්නේ නම් ඇය අත්අඩංගුවට ගැනීමට නියෝගයක් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවය පැමිණිල්ලට මතු නොවනා බවද වැඩිදුරටත් පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම රාජ්‍ය ඇමැතිවරියගෙන් ප්‍රකාශ සටහන් කර ඇත්තේ ඇගේ නිවසට ගොස් බවත් සෙසු සැකකරුවන් ද ඔවුන්ගේ නිවාසවලට පැමිණ ප්‍රකාශ ලබාගන්නැයි ඉල්ලීම් කළහොත් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ දැයි විමසූ නීතිඥ ගුණරත්න වන්නිනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිය ඉටු කිරීම මඟහරින්නේ නම් අධිකරණයෙන් මිස කාගේ සරණ පැතීමට යුක්තිගරුක ජනතාවට සිදුවන්නේ යැයිද විමසා සිටියේය.
දිවයින-







