අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරි දින කීපය තුළ “ජනපති දෑත් ශක්තිමත් කරන” පන්නයේ දේශපාලන පෙරළියක් ගැන ආරංචියක්!

by editor
අප්‍රේල් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි දින කීපය තුළ දේශපාලකයින් පිරිසකගේ  තීරණාත්මක පක්ෂ මාරුවක්  සිදුවනු ඇති බවත්,   සමගි ජන බලවේගයේ ප්‍රබල දේශපාලකයින් පිරිසක් කණ්ඩායම් දෙකකින් එක්සත් ජාතික පක්ෂය වෙත එක් වීමත් සමග සිදුකරන  ඊලඟ කැබිනට් සංශෝධනයේ දී රටේ වැදගත්ම  කැබිනට් ඇමති ධූර කීපයක වගකීම බාරගනු ඇති බවත් රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ සම්බන්ධව වැදගත් සාකච්ඡාවක් මීට දින දෙකකට පෙර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුගේ කොළඹ නිවසේ දී පවත්වා තිබේ.

මේ ආගමනය ගැන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මෙන්ම විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ද ප්‍රකාශ කර තිබිණි.

විපක්ෂ නායකවරයා පැවසුවේ ඡන්දය තියන්නට සල්ලි නැති බව කියන රජය තම පක්ෂයේ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීම සඳහා එක් මන්ත්‍රීවරයෙකුට ලක්ෂ දෙදහසක් දීමට සූදානම්ව ඇති නමුත් කෝටි පනස් දහසකටවත් විකිණෙන මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ නැති බවය.

කෙසේ වෙතත් ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පොහොට්ටුවේ බලපෑමෙන් මිදී  රජය තුළ ජනාධිපතිවරයා ශක්තිමත් කිරීම  සඳහා  සමගි ජන බලවේගයෙන් පමණක් නොව,  පොහොට්ටුවෙන් ද කණ්ඩායමක් එකතු කරගැනීමට මේ වනවිට අභ්‍යන්තර මෙහෙයුමක් දියත් වී ඇති බවය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එම  සැලසුම භාර ගෙන ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිරීම සඳහා දියත් වූ රහස් මෙහෙයුමේ ප්‍රධාන භූමිකාව කළ එක්සත් ජාතික පක්ෂ දේශපාලන ප්‍රබලයෙක් විසින් බව ද දැනගන්නට ඇත.

ඒ අතර ඩේලි මිරර් වාර්තා කළේ ආචාරය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් ඇතුළු කීප දෙනෙක් ආණ්ඩුවට යෑමට සූදානමින් සිටින බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවිඩයක් මගින්  ප්‍රකාශ කළේ ඩේලි මිරර් ප්‍රකාශය තනිකරම අනුමානයක් මත පදනම් වුන කතාවක් ලෙසය.

ආර්ථික  ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ වත්මන් ශ්‍රී ලංකා සැලැස්ම සමාජ ආරක්ෂණ දැල් කෙරෙහි අවධානය යොමු නොකිරීමත් හැර විපක්ෂයේ සැලැස්මට ආණ්ඩුවේ යෝජනාව සමාන යැයි තමන් කලින් ප්‍රකාශ කළ බව ඔහු වැඩිදුරටත් පිළිගත්තේය.

“වත්මන් සැලැස්ම මෙන් නොව සමගි ජන බලවේගයේ සැලැස්ම ශක්තිමත් දූෂණ විරෝධී සහ පාලන ව්‍යුහයන් ඉල්ලා සිටී. “  ඔහු පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ මෙම රජය වඩාත් ශක්තිමත් නීති සම්පාදනය කරනවා පමණක් නොව එහි ඇති මූලිකම දේ ක්‍රියාත්මක කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතික විය යුතු බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව ඔම්බුඩ්ස්මන් කේ.බී.කේ හිරිඹුරේගම ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි!

Next Post

ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 තරගාවලියේ දෙවැනි තරගය හෙට!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.