අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ පළමු වරට අධිකරණයකින් එක් චූදිතයෙකුට මරණ දඩුවම් දෙක බැගින් නියම කරයි.

by editor
මාර්තු 30, 2023
in පුවත්
suicide
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

වසර 25කට පෙර මඩකලපුවේ ගෝවින්දන් පාරේ පිහිටි ඊරෝස් පක්ෂ කාර්යාලයට ඇතුළු වී බෝම්බ ගසා, කඩු වලින් කපා කොටා වයස අවුරුදු 03 දරුවෙකු හා තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් පුද්ගලයන් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ වරදට වරද කරු වු පොලිස් සැරයන් වරයෙකුට හා තවත් පුද්ගලයෙකුට මඩකළපුව මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්.අබ්දුල්ලා   එක් චුදිතයෙකුට මරණ දඩුවම් දෙක බැගින් හා වසර 32ක බරපතළ වැඩ සහිත සිර දඩවමක්ද ඊයේ (29) සවස නියම කළේය.

මෙලෙස මරණීය දණ්ඩණය හා සිර දඩුවම් මෙන්ම දඩ නියම වුයේ එවකට පොලිස් සැරයන්වරයෙකු ලෙස කටයුතු කල සමිල රාජේන්ද්‍රම් හා ඊරෝස් පක්ෂ සාමාජිකයෙකු වු විවේක මූර්ති නැමති චුදිතයින් දෙදෙනාටය.

1997 වසරේ මඩකලපුව ගෝවින්දන් පාරේ පිහිටි ඊරෝස් පක්ෂ කාර්යාලයේදී ආධාර කරුවෙකු හා පක්ෂයේ මහලේකම් වු ප්‍රභාකරන් නැමති අය සමග ආරවුලක් ඇතිව තිබේ. එම ආරවුල දුරදිගගොස් 1997.07.17 දින අළුයම චුදිතයින් දෙදෙනා විසින් පක්ෂ කාර්යාලටය ඇතුළු වී පක්ෂයේ මහ ලේකම් වු ප්‍රභාකරන්ට පහරදීමක් සිදුකර තිබේ.

එම අවස්ථාවේදී පක්ෂ මහලේකම් වරයා හා චුදිතයින් අතර පොර බැදීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ කාර්යාලයේ නිදාගෙන සිටි පක්ෂ මහලේකම් ප්‍රභාකරන්ගේ බිරිද හා තවත් සාමාජිකයින් තිදෙනෙකු මෙම ගැටුම බේරීමට උත්සාහ දරා තිබේ.

එහිදි චුදිතයින් දෙදෙනා විසින් කාර්යාලය තුළ නිදාගෙන සිටි පක්ෂයේ මහ ලේකම් වු ප්‍රභාකරන්ගේ 03 හැවිරිදි පුතු නිදා සිටි ඇඳට බෝම්බයකින් දමා ගසා තිබේ. ඉන් ප්‍රභාකරන්ගේ 03 හැවිරිදි ක්‍රේමන් ක්‍රිෂාන් නැමති දරුවා හා කාර්යාලයේ රැදි සිටි පක්ෂ සාමාජිකයෙකු වු 31 හැවිරිදි චන්ද්‍ර කුමාර් නැමති දෙදෙනා ජීවිතක්ෂයට පත්වීය. 

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

බෝම්භ ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුවද චුදිතයින් දෙදෙනා ප්‍රභාකරන්ට හා ඔහුගේ බිරිදට හා තවත් පුද්ගලයන් දෙදෙනෙකුට කඩුවකින් පහරදි මරණීය තුවාල සිදුකර තිබේ. එම පහරදීමෙන් ප්‍රභාකරන් හා ඔහුගේ බිරිද බරපතළ තුවාල ලැබූ අතර යෝගනාදන් නැමති පුද්ගලයාට එක් අතක්ද, කුරිරාජ් සිවාම් නැමති අයට අත් දෙකමද අහිමි වීය.

සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය විසින් චුදිතයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු විභාගයෙන් අනතුරුව චුදිතයින් දෙදෙනාට එරෙහිව නිතිපති වරයා විසින් 2007 වසරේදී මඩකළපුව මහාධිකරණය හමුවේ අධි චෝදනා 06ක් යටතේ නඩු පවරා තිබුණි. 

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නිතිපති වරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වු රජයේ අධිනීතීඥ, ආචාර්ය ශෙහාන් මුස්තාපා   අදාල චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත් විය.

ඒ අනුව ඉදිරිපත් වු සාක්ෂි සළකා බැලූ මඩකළපුව මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්.අබ්දුල්ලා  චුදිතයින්ට පහත පරිදි මරණීය දඩුවම නියම කෙරුණි.

චුදිතයින්ට එරෙහි නගා තිබු 01 හා 02 චෝදනා වුයේ මිනි මැරීමේ වරදය.ඒ අනුව චුදිතයින් දෙදෙනාටම මරණ දඩුවම් දෙක බැගින් මහාධිකරණ විනිසුරු වරයා නියම කෙරුණි.

පළමු චෝදනාවටද චුදිතයින්ට මරණීය දණ්ඩණය නියම කල අතර දෙවන චෝදනාවටද චුදිතයින්ට මරණීය දණ්ඩනය නියම කෙරුණි.

මිට අමතරව 3,4 හා 5 යන චෝදනා සදහා එක් චුදිතයෙකුට වසර 10 බැගින් වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

ඊට අමතරව එම චෝදනා සදහා රුපියල් 5000 බැගින් රුපියල් 15000ක දඩයක්ද නියම කෙරුණු අතර චුදිතයින් එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 03 බැගින් මාස 09ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.

ඉහත දඩුවම් වලට අමතරව 06 වන චෝදනාවටද චුදිතයින් දෙදෙනා සදහා වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කල අතර එය වසර 10ක කාලයක් සදහා අත්හිටවන ලදි.

චුදිතයින් දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කිරිම හේතුවෙන් චුදිතයින් දෙදෙනා ශ්‍රි ලංකා ජනාධිපති වරයා විසින් නියම කරන දිනක දී ස්ථානයකදි හා වේලාවකදි එල්ලා මරණයට පත් කරනතෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට බන්ධනාගාර අධිකාරී වරයාට නියම  කළේය.

නිතිපති වරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ,ආචාර්ය  ශෙහාන් මුස්තාපා  පැමිණිල්ල මෙහෙයවන ලදි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුහුදේ ගිලෙන්නට ගිය රුසියානු ජාතිකයා මඟ පෙන්වන්නන් නිසා බේරෙයි !

Next Post

මාතර මිදිගම දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.