අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොවපුරා ඔත්තු බල චීනයේ සූක්ෂම මෙහෙයුම

by Lankasara News
මාර්තු 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වීමත් සමඟම චීනය විසින් සිය ආර්ථික ශක්තියට එහා ගිය බලයක් අත්පත් කරගැනීමට නිර්න්තරයෙන්ම වෙහෙසුනු බව අපි සියලු දෙනා දන්නා කාරණයකි.

ඒ අනුව චීනය විසින් පසුගිය දශකය පමණ කාලයක තුල සිය දේශපාලනික සහ අනෙකුත් ශක්තීන් වාර්ධනයට දැඩි ලෙස වෙහෙසුනු අතර ඊට විවිධ උපක්‍රම යොදා ගැනීමට නිර්න්තරයෙන් උත්සුක විය. එහි එක් පියවරක් ලෙස චීනය සිය යුධමය ශක්තිය විශාල වශයෙන් ශක්තිමත් කරගැනීමට යොමු විය.

මෙලෙස සිය යුධ ශක්තිය වර්ධනය කර ගැනීමට චීනය සිය ආරක්ෂක අංශ නවීකරණයටත් එහිදී නවතම යුධ උපකරණ වලින් සන්නද්ධ කිරීමටත් කටයුතු කළයේ. එහි ප්‍රතිඵලයක් ලෙස අදවන විට ලොව විශාලතම නාවික හමුදාව සතු රට බවටද චීනය පත්ව තිබීම සුවිශේෂී කාරණයකි.

මෙහිදී චීනය තමන් ලොව වඩාත් විරුදාවලිය ලත් කාරණයක් වන ව්‍යාජ පිටපත් සැකසිමේ ප්‍රමුඛයා බව යලිත් තහවුරු කරමින් එක්සත් ජනපද යුධ උපරකණ පවා අනුකරණය කරමින් සිය ආයුධ සැකසීමට පෙළඹිනි. එහිදී චීනය විසින් ඉතා සූක්ෂම මෙම ආයුධ සම්බන්ධ තොරතුර ලබා ගැනීමටද සමත්ව තිබිණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සතු නවතම පස්වන යුගයේ ප්‍රහාර යානාවක් වන එෆ් 35 වර්ගයේ යානාවන් ද අනුගමනය කරමින් චීන ගුවන් හමුදාව ප්‍රහාරක යානා නිපදවීමට පියවර ගෙන තිබිණි. ඉන් නොනැවතුන චීනය පසුව එක්සත් ජනපදය භාවිතා කරනු ලබන නියමුවන් රහිත ගුවන්යානා අනුගමනය කිරීමට පවා පියවර ගෙන තිබීම චීනයේ ව්‍යාජ පිටපත් කිරීමට ඇති හැකියාව මානාව පිළිභිඹු කිරීමට සමත්වේ.

චින රජය විසින් ඉතා සූක්ෂම ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ සිය ප්‍රතිපතිවාදී බටහිර රටවල් වල ක්‍රියාකාරකම් නීරීක්ෂණයට ඔත්තුකරුවන් යොදාගත් බව ඉතා ප්‍රබල චෝදනාවක්ව පැවතිනි. කෙසේ වෙතත් එම චෝදනා බැහැර කළද පසුගිය කාලය පුරාවට චීනය විසින් බටහිර රවටල චීනය ජාතිකයින් ඔත්තුකරුවන් ලෙසින් කටයුතු කළබවට සාධක රැසක් හමුවී තිබේ.

ඉන් මෑතකදීම සිදුවූ කාරණය වන්නේ ඉකුත් ජනවාරි 23 වැනිදා එක්සත් ජනපද අධිකරණයක් විසින් චීන ජාතිකයෙකුට ලබාදුන් වසර අටක සිර දඬුවමයි. එහිදී මෙම චීන ජාතිකයාට එල්ල වී තිබූ චෝදනා වූයේ චීන රජය වෙනුවනේ එක්සත් ජනපදයට අදාල ඉංජිනේරු සහ විද්‍යාත්මත තොරතුර පිළිබඳ ඔත්තු බැලීමයි.

එහිදී අදාල චීන ජාතිකයට ඉංජිනේරු සිසුවෙකු ලෙස එක්සත් ජනපදයට පැමිණි තිබූ අතර පසුව ඉතා සූක්ෂම එක්සත් ජනපද හමුදාවන්ට සම්බන්ධ වී තිබිණි. එහිදී අනාවරණය වූ කරණු වලින් අනතුරුව මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබිණි.

මීටම සමාන සිදුවීමක් කැනඩාවෙන්ද වාර්තා වූ අතර එහිදී කැනඩාවේ තාක්ෂණික සමාගම කටයුතු කළ චීන ජාතිකයෙකු ඉතා රහසිගතව එම සමාගමේ පරිගණක පද්ධතියට ඇතුලු වී රහස් රැසක් සොරාගෙන චීන රජයට ලබාදීමට කටයුතු කර තිබිණි. මීට අදාල විමර්ශන වලිදී ඔහු චීන රජය වෙනුවෙන් ඔත්තු බැලීමේ නිතරවූවකු බවටද අනාවරණය විය..

එහිදී චීනය ඉතා සූක්ෂම සිසුන්, ව්‍යපාරිකයින් සහ විද්‍යඥයින් යොදා ගනිමින් සිය ඔත්තු බැලීමේ අරමුණු ඉටු කරගැනීමට කටයුතු කළ අතර ඊට ඉතා සූක්ෂම සැලසුම් යොදාගත් ආකාරයද අත්අඩංගුවට පත් චීන ඔත්තුකරුවන් විසින් පාපොච්චාරණය කර තිබේ.

මීට අමතරව චීනය පසුගිය කාලයේදී ඇමරිකා එකසත් ජනපදය විසින් සිදුකළ යුධමය කටයුතු නිරීක්ෂණයට ඉතා සූක්ෂම වැඩපිළිවෙලක් දියත් කර තිබිණු. එහිදී ඔවුන් සිය අධිතාක්ෂණික හැකියාවන් ඉතා දක්ෂ ලෙස යොදා ගැනීමට සමත්විය.

ඒ අනුව එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් මොන්ටානා හී පවත්වාගෙන යන අන්තර් මහද්වීපික මිසයිල පද්ධතියේ ක්‍රියාකාරම් ඉතා සූක්ෂම නිරීක්ෂයට පියවර ගැනීමයි. ඒ සඳහා චීනය විසින් යොදාගෙන තිබුනේ ඒ මිසයිල පද්ධතිය අවට ඉදිකර තිබූ දුරකථන සන්නිවේදන කුළුණු වීම විශේෂත්වයකි.

ඇමරිකා ආරක්ෂක අංශ ප්‍රකාශකර ඉන්දමට රැහැන් රහිත සන්නිවේදන කටයුතු සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම අදාල දුරකථන කුළුණු මගින් සිදුකර තිබුණත් එමගින් එම ප්‍රදේශයේ සියලුම සන්නිවේදන කටයුතු නීර්ක්ෂණය කිරීමට හැකියාව චීනයට හිමව ඇති බවද එකසත් ජනපද ආරක්ෂක අංශ අනාවරණය කළේය.

මෙම සන්නිවේදන පද්ධති චීන හුවාවේ සමාගම විසින් ඉදිකර ඇති අතර පසුගිය කාලය පුරාවටම හුවාවේ සමාගමේ කටයුතු සම්බන්ධයෙන් දැඩි සැකයක් නිර්මණය වී තිබිණ. මෙහිදී තවත් භයානකම තත්ත්වයක් නිර්මාණය වී තිබුනේ ලොව 5ජී තාක්ෂණය අතින් හුවාවේ සමාගම ඉදිරියෙන්ම සිටීමයි.

ඒ අනුව 5ජී සනිනිවේදන කටයුතු සඳහා හුවාවේ සමාගම පමණක්ම යොදා ගැනීමට එක්සත් ජනපදයට සිදුවූ අතර එබැවින් වහාම මෙම තත්ත්වය පාලනය කිරීමට එවතට ට්‍රම්ප් පාලනය පියවර ගත් අතර හුවාවේ සමාගමේ කටයුතු වැලැක්වීමට කටයුතු කරනු ලැබීය.

මෙහිදී 2018 වර්ෂයේදී සී.අයි.ඒ සංවිධානය සහ එෆ්.බී.අයි ආයතනය විසින් ඇමරිකා එක්සත් ජනපදය තුල හුවාවේ උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්ද සිදුකිරීමට පියර ගෙන තිබුනේ ඇතිව තිබූ අවධානමේ දරුණු බව නිසාවෙනි.

දුරකථන කුළුණු වලින් නොනවතුණු චීනය පසුගිය කාලය පුරාවට සිය බලය සහ අරමුණු ඉටු කරගැනීමට චීනය විසින් ඇමරිකා එක්සත් ජනදය ඇතුළු බටහිර රටවල් වල ඉඩම් මිලදී ගැනීමත් සමාගම් අත්පත් කරගැනීමත් ඉතා සූක්ෂමව සිදුකෙරිණි.

ඒ අනුව චීනය විසින් ඉතා සූක්ෂම ව්‍යාජ සමාගම් නිර්මාණය කරමින් ඒ ඔස්සේ යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රබල සමාගම් වල කොටස් මිලදී ගැනීම සිදුකෙරිනි. ඒ ඔස්සේ එම සමගම් වල පරිපාලන කටයුතු වලට පවා බලපෑම් කිරීමට ඔවුන් සමත්ව තිබීම චීනය අනුගමනය කරන ඉතා සූක්ෂම වැඩසටහන් වල සැලසුම් සහඟත බව මනාව පෙන්නුම් කරයි.

මේ අතර 2017 වර්ෂයේදී චීනය විසින් ඇමරිකා එක්සත් ජනපද අගනුවර වූ වොෂීන්ටන් හිදී විශේෂ චීන උද්‍යානයක් ඉදිකිරීමට සැලුසම් කර තිබිණි. එහිදී චීන සංස්කෘතික අංගවලින් සමන්විතව උද්‍යනය ඉදිකිරීමට චීනය සැලසුම් කර තිබිණි.
එහිදී ඉතා විශාල ප්‍රමාණයේ පැගෝඩාවක් ඉදිකිරීමට චීනය සැලසුම්කර තිබූ අතර එය ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රවය තානාපති මාර්ග ඔස්සේ ගෙන්වා ගැනීමටද කටයුතු කර තිබිණි. මෙහිදී ගෙන එන කිසිඳු ද්‍රව්‍ය පරීක්ෂා කිරීමට අවස්තාව හිමි වී නොතිබිණි.

ඒ අනුව ඒ පිළිබඳ සැක පහළ වූ එක්සත් ජනපද ආරක්ෂක අංශ කළ විමර්ශන වලදී අනාවරණ වූයේ අදාල පැගෝඩාවට මුවා වී චිනය අධි සන්නිවේදන උපකරණ එහි ස්ථාපිත කිරීමටත් එමගින් එක්සත් ජනපද අගනුවර සියලුම ස්නිවේදන කටයුතු නිරීක්ෂණයටක් සැලසුම් කරන තිබූ බවයි. මේබව අනාවරණය වීමත් සමඟ එක්සත් ජනපද මෙම ව්‍යාපෘතියට අවශ්‍ය අනුමැතිය ලබාදීම තහනම් කෙරිණි.
‍
කෙසේවතත් චීනය විසින් පසුගිය කාලය පුරාවට ලොව පුරා රටවල අතිශය වැදගත් යලිතල පහසුකම් සහ ආර්ථික මර්මස්ථාන අසල ඉඩම් මිලදී ගැනීම දිගින් දිගටම සිදුකර ඇති අතර එමගින් සිය තොරතුරු රැස්කිරීම් ඉතා සූක්ෂම සිදුකරගෙන යන බවට අනාවරණ වේ.

මේ අතර පසුගියදා චීනය විසින් සිය ඔත්තු බැලීම් සිදුකරන නවතම ආකරයක් සම්බන්ධයෙන් සැයක් නිර්මාණය විය. ඒ අනුව පසුගියදා චීනයෙන් නිෂ්පාදිත අවේක්ෂණ කැමරා හෙවත් සීසීටීවි කැමරා පද්ධති සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීමට ඔස්ට්‍රේලියාන රජය තීරණය කර තිබිණි.

එහිදී ඇතිවූ සැකය වූයේ චීනය විසින් ඔස්ට්‍රේලියානු රජයේ ගොඩනැගිලි තුල සවිකර ඇති චීන ආවේක්ෂණ කැමරා ඔස්සේ තොරතුරු රැස්කරගන්නවාද යන්නයි. මෙම සිදුවීමත් සමඟ ඉන්දියාව එරට තුල පවතින චීනයෙන් නිෂ්පාදිත ආවේක්ෂණ කැමරා සම්බන්ධයෙන් වැඩි අවධානයෙක් යොමු කිරීමටද පියවර ගෙන තිබූ අතර එහිදී ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශක් කරමින් ඒ බව සඳහන් කර තිබිණි.

මේ අතර පසුගියදා ඇමරිකා එක්සත් ජනපද ගුවන් කලාපය තුල බිම හෙළු චීන ඔත්තු බැලීමේ බැලුනය සුවිශේෂීය. එම බැලුනය ඉතාසූක්ෂම එක්සත් ජනපද ගුවන් කලාපය තුල වැදගත් ස්ථාන රැසක දත්ත රැස් කිරීමට සමත්ව තිබිණි.

එලෙස දත්ත රැසක් කළද මේ බව අනාවරණය කර ගැනීමට ලොව ප්‍රබලතම තාක්ෂණයක් සහිත එක්සත් ජනපදයට දින කීපයක් ගත වූ අතර එහිදී විශාල මුදල් වැය කර ඉතා සුළු බැලුනයක් බිම හෙලීමට එකසත් ජනදයට සිදුවීම එක් ආකාරය ලැජ්ජා සහගත සිදුවීමකි.

මෙම බැලුන් සිදුවීමත් සමඟ චීන ඔත්තු බැලීම් සම්බන්ධයෙන් වැඩි අවධානයෙක් යොමුවිය. එහිදී අනාවරණය වූ කාරණය වන්නේ චීනය විසින් මීට දශකය පමණට පෙර සිට බැලුන් යොදාගනෙ ඔත්තු බැලීමට සැලසුම්කර ඇති බවයි.
එහිදී ඉහළ වායුගෝලයේ චන්ද්‍රිකා පවතින ප්‍රදේශයට පහලින් සහ ගුවන්යානා වලට ගමන් කිරීමට නොහැකි ඉහළකින් මෙම බැලුන් ගුවන් ගත කර ඒ ඔස්සේ දත්ත රැස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් චීනය එරට මාධ්‍ය වල පවා තොරතුර වාර්තා කර තිබිණි.

ඒ අනුව චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කළද ඔත්තු බැලීම් සම්බන්ධයෙන් වූ චෝදනා චීනය ඉතා සූක්ෂමව සිදුකළ බවට කරණු සලකා බැලීමට ඔප්පු වී ඇති බව සඳහන් කළයුතුමය.

ඉහත සඳහන් කළ සියලුම ක්‍රමවේදයන් අභිබවමින් චීනය අදවන ඉතා සූක්ෂම ලෙස බටහිර රටවල් වල මෙන්ම ලොවපුරා සෑම රටකම දත්ත සොරා ගැනීමට නමතම ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටියි. මෙහිදී විශේෂත්වය වන්නේ චීනය දත්ත සොරකම් කරන බවට බොහොදෙනකු දැණුම්වත් වුවත් ඊට ඔබ්බට ගිය ඇබ්බැහි වීමක් නිර්මාණය කිරීමට චීනය සමත් වීමයි.

ඒ අනුව අදවන විට චීනය සිය සමාජ ජාල මාධ්‍යයක් වන ටික් ටොක් යොදා ගෙන ඉතා සූක්ෂම දත්ත සොරා ගැනීමක් සිදුකරමින් සිටියි. එහිදී ටික්ටොක් භාවිතා කිරීමට නිර්මාණය කර ඇති ජංගම දුරකථන යොදවුම මගින් අදාල ජංගම දුරකථනයේ සියලුම දත්ත නිරීක්ෂණනය කිරීමට හැකියාව උදාවේ.

එහිදී අදාල ජංගම දුරකථනය පිහිටි ස්ථානය, එහ කැමරාව, මක්‍රෝෆෝනය පවා දුරථකනයේ හිමිකරුගේ අනුදැණුම නොමැතිව යොදා ගැනීමට පවා හැකියාව පවතින බවට ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මන්ද එම අංග වෙත පිවිසීමට අදාල ජංගම දුරකථන යෙදවුම භාගත කරන අවස්ථාවේදීම එකඟ වන බැවින් මේ සඳහා අවකාශය නිර්මාණය වේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජයන් රැසක් අනතුරැ ඇඟවීම් කළද ටික්ටොක් භාවිතය අදවන විට ලොව පුරා අතිශය ජනප්‍රිය වී ඇති අතර මේවන විට ෆේස්බුක් ඇතුලු අනෙකුත් සමාජ මාධ්‍ය භාවිතය අභිබවා යාමට පවා සමත්ව ඇති බවට වාර්තාවේ.

උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වූ අතර ඒ අනුව ඉන්දිය රජය විසින් එරට තුල ටික්ටොක් භාවිතය තහනම් කිරීමට පියවර ගෙන තිබිණි. ඉන්දියාව මෙම තහනම වසර කීපයකට පෙර පැනවුවද තවමත් බටහිර රටවල් වල ටික් ටොක් විශාල වශයෙන් භාවිත වේ.

මෙම තත්ත්වය හමුවේ පසුගියදා කැනඩා රජය විසින් සුවිශේෂී තීරණයක්ද ගනු ලබනවා. එහිදී කැනඩා රජය විසින් එරට රජය විසින් නිකුත් කර ඇති සියලුම ජංගම දුරකථන ඇතුලු උපරණ වල ටික් ටොක් භාවිතය තහනම් කර ඇත.

මීට අමතරව යුරෝපා කොමිසමද සිය සේවකයින්ගේ ජංගම දුරකතන වලින් ටික්ටොක් භාවිතා කිරීමට තහනම් කිරීමට පියවර ගෙන තිබේ. එහිදී දැනට එම යෙදවුම භාගත කර සිටින සියලුම සේවකයින්ගේ රාජකාරි දුරකථන වලින් එම යෙදවුම ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.මේ අතර එකසත් ජනපදයේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ටික්ටොක් භාවිතා කිරීම සීමා කර ඇති බවට අනාවරණයවේ.

බොහොදෙනෙකුට අදවන විට අවබෝද කරගැනීමට නොහැකිවී ඇති තත්ත්වය වන්නේ තමන්ගේ ජංගම දුරකථනයේ ඉතා වැදගත් පුද්ගලික තොරතුරු රැසක් අන්තරගත වී තිබීමයි.

අදවන විට ජංගම දුරකතනය තුල එහි හිමිකරුවාගේ ඇගිලි සලකුනේ සිට මුහුණේ සහ අස්වල ලක්ෂණ පවා අන්තරගත වේ. ඒ අනුව එවැනි දත්ත ආරක්ෂණ පද්ධතියක් විවෘත කිරීම යතුර ලෙස භාවිතා කරනු ලබන පුද්ගලයෙකුගේ සියලුම දතත් සොරා ගැනීමට අදවන විට හැකියාවක් නිර්මානය වී තිබේ.

එබැවින් අදවන විට චීනය ලොව පුරා සෑම පුද්ගලයෙකුගේම දත්ත රැසක්ර ගනිමින් ඉතා සූක්ෂම අවෙක්ෂණ ක්‍රමයක් පවත්වාගෙන යාමට සමත්ව තිබේ. මෙම තත්ත්වය ඉදිරියේදී තවත් වර්ධනය වනු ඇති අතර එහ ගෝලීය ආරක්ෂාවට විශාල තර්ජනයක් වී අවසානය

Share69Tweet43
Previous Post

බෞද්ධ මත අමතක කරන්න වෙර දරන චීනය

Next Post

පුද්ගලික පන්තියක් අසල දරුවන්ට මත් පෙති විකිණූ ජාවාරමෙක් අත්අඩංගුවට….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.