ණය පොලී අනුපාතික වැඩි වීම සහ බදු හේතුවෙන් කලින් ගත් ණය ගෙවා ගැනීමට නොහැකි ණය හිමියන් සඳහා එම ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම හෝ සහන ලබා දීම සම්බන්ධයෙන් බැකුවල චකුලේඛ දෙකක් මගින් අදාළ මඟපෙන්වීම් ලබා දී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද (03) පැවසීය.
මේ අනුව අදාල සහන ලබා දීමේදී ණය ලබා ගත් එක් එක් පුද්ගලයාගේ තත්ත්වය අනුව අදල ඇගයීම් සිදු කර සහන ලබා දිමට මේ වනවිට පමහ බැංකුව පියවර ගෙන ඇති බවත් ආචාර්ය වීරසිංහ ප්‍රකාශ කළේය.
මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේ මූල්‍ය ප්‍රතිපත්ති සමාලෝචනය සම්බන්ධයෙන් අද මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.
එහිදී ඔහු සඳහන් කළේ ශ්‍රි ලංකා මහ බැංකුව අද සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික ඒකක 100කින් පමණ වැඩි කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රි ලංකාවේ පුරෝතථන අතර ඇති වෙනස් හේතුවෙන් සිදු කිරීමට සිදුව තිබුණද ප්‍රතිපත්තිමය පොලී අනුපාතිකය සහ බැංකුවල වෙළෙඳපොල පොලී අනුපාතික අතර පරතරය දැනට පවතින තත්ත්වය අනුව ඉදිරියේදී අඩු විය හැකි බවය.
මහ බැංකුව අද නියම කර ලද පරිදි ප්‍රතිපත්ති පොලී අනුපාතිය සියයට 15.5 සිට 16.5 දක්වා පාදක 100කින් ඉහළ දමා ඇත.
එහිදී තවදුරටත අදහස් දැකවූ මහ බැංකු අධිපතිවරයා
“ පසුගිය වසරට සාපෙක්ෂව රටේ මූල්‍ය තත්ත්වයේ යහපත් බවක් දක්නට ලැබෙනවා. අපට පොලී අනුපාතික වැඩි කිරීමට සිදුවුණේ පසුගිය වසරේ සැප්තැම්බර් වන විට රටෙ උද්ධමනය ඉතා ඉහළ මට්ටමක ගිය නිසයි. නමුත් අපි අපේක්ෂා කළාට වඩා ඉක්මනින් උද්ධමනය පහළ ගියා.”
“මේ නිසා පසුගිය කාලය තුළ පොලී අනුපාතික විශාල වශයෙන් වැඩි කිරීමට අවශ්‍ය වුණේ නැහැ. නමුත් අපේ පුරෝකථන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන අතර වෙනසක් පවතිනවා. ඒ වගේම ප්‍රතිපත්තිම පොලී අනුපාතික සහ වෙළෙඳපොළ පොලී අනුපාතික අතර යම් පරතරයක් පවතිනවා. මේ පරතරයක් ඉක්මනින් අඩු වේව යයි අප විශ්වාස කරනවා.”







