මෙරට වානිජ බැංකුවලට විවිධ මාර්ගයෙන් ලැබෙන විදේශ මුදල්වලින් මාසිකව සියයට 25ක් මහ බැංකුව වෙත යොමු කළ යුතු බවට පනවා තිබු රෙගුලාසිය අද (27 ) දින සිට ක්‍රියාත්මක වන පරිදි ලිහිල් කර ඇත. ඒ අනුව මෙරට වානිජ බැංකුවලට ලැබෙන විදේශ මුදල්වලින් සියයට 15ක් පමණක් මින් පසු අනිවාර්යයෙන් මහ බැංකුව වෙත යොමු කළ යුතු බවට මහ බැංකුව පවසයි.
විවිධ ආනයන ඉපයීම් ලෙස, සංචාරක ව්‍යාපාරයෙන් සහ විදේශගත ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රේෂණවලින් බැංකු වෙත ලැබෙන විදේශ මුදල් සඳහා මෙම නියාමනය පසුගිය කාලය තුළ පනවා තිබුණේ පවතින විදේශ සංචිත අර්බුදය හේතුවෙනි. මේ වනවිට පසුගිය වසරට සාපේක්ෂව විදේශගත ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාර හේතුවෙන් එන විදේශ මුදල්වල වර්ධනය සලකා සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී අවශ්‍ය වන ඩොලර් ලබා ගැනීමේ අපහසුතා මඟ හැරවීමේ අරමුණින් මෙලෙස මෙම රේගුලාසි ලිහිල් කිරීමට කටයුතු කළ බව මහ බැංකුව සඳහන් කරයි.







