පාකිස්ථානයේ නව හමුදා මාණ්ඩලික ප්‍රධානී බවට අසීම් මුනීල් පත්වීමෙන් පසු ටෙහෙරීක් ඊ තලේබාන් පාකිස්ථාන ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාර එල්ලවීම සීඝ්රයෙන් ඉහළගොස් තිබේ.
ඒ අනුව මෙම ප්‍රහාර පාකිස්ථානයට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමවත්ව ඇති බවටද වාර්තාවන අතර ආර්ථික හා දේශපාලන අර්බුදය, අයිතිවාසිකම් සහ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සංසදයට අනුව ප්‍රතිපත්ති සැකසීමේ පවතින හිඩැස් සහ බලයේ සිටින පිරිස විසින් ත්රස්තවාදයට අනුබල දීමට මෙම තත්ත්වයට හේතුවී තිබේ.
ගතවූ මාස තුනක කාලයේදී පමණක් මෙම ත්‍රස්ථ සංවිධානය සහ එහි සමාජිකයින් විසිස් පාකිස්තානයේ ජීවිත සිය ගණනක් බිලිගත් අතර ප්‍රහාර 160ක් පමණ් පාකිස්ථානය පුරා එල්ල කර තිබීම ත්‍රස්තාවාදය වැලැක්වීමට පාකිස්තානයේ පවතින දුර්වලතාවය මනාව පෙන්නුම් කරයි. පෙෂාවර් මුස්ලිම් පල්ලියට එල්ල කළ ප්‍රහාරයනේ පොලිස් නිලධාරීන් 103කට පමණ් සිය ජිවිත අහිමිවූ අතර තවත් දෙසීයකට අධික පිරිසක් තුවාල ලැබීය. එම ප්‍රහාරය මෑත කාලයේදී පාකිස්ථාන තුල සිදුවූ බිහිසුණුතම ත්‍රස්ත ප්‍රහාරය වූ අතර එය එරට තුල දැඩි කසුකුසුවක් ඇති කිරීමටද සමත්විය.
මෙම සිද්ධියට හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන්ගේ පක්ෂය පාකිස්තාන හමුදාවන් දෙසට අගිල්ල කරමින් කියා සිටියේ හමුදාවේ පවතින දුර්වලතා හේතුවෙන් මෙම ප්‍රහාර දිගින් දිගටම සිදුවන බවයි.
පාකිස්ථානයේ පවති ප්‍රතිපත්ති දුර්වලතා හේතුවෙන් එරට තුල ත්‍රස්ත කණ්ඩායම් වලට පහසුවෙන් කටයුතු කිරීමේ අවස්ථාව හිමිවේ. එහිදී එම සංවිධාන වලට අවශ්‍ය අරමුදල් පවා ඉතා පහසුවෙන් රැස් කිරීමට අවකාශය හිමිවන අතර ඊට ඇතැම් දේශපාලනික ආශිර්වාදයද හිමිවන බව නොරහසිකි. මෙම තත්ත්වය හමුවේ පාකිස්ථාන තුල ක්‍රියාත්මක ත්‍රස්ත ක්‍රියා වැල්ක්වීමට තවත් දශක කීපයක්ම ගතවුන ඇත.







