රත්නපුර – මහවංගුව ප්රදේශයේ අද සිදුවූ අනතුරකින් බස් රථයක ගමන් කළ මගීන් 28 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අද පස්වරුවේ රත්නපුර – සිරිපාගම මාර්ගයේ දී බස් රථය ප්රපාතයකට පෙරලීමෙන් මගීන් තුවාල ලබා තිබේ.
අනතුරින් තුවාල ලැබූ මගීන් ගිලිමලේ රෝහලට ඇතුළත් කර ඇත.
බරපතල තත්ත්වයේ පසුවූ මගීන්ගෙන් සිව් දෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර තිබේ.







