ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලබා ගැනීමට අපේක්ෂා කරන ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය පහසුකම ලබා ගැනීමට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහය පැරිස් සමාජය නියෝජනය කරන ණය දෙන රටවල් ශ්‍රී ලංකාවට සහතික වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම ක්‍රියාවලියට සම්බන්ධ මූලාශ්‍ර දෙකක් පදනම් කර ගනිමින්, ඒ බව වාර්තා කරන රොයිටර් පුවත් සේවය, මේ පිළිබඳව එම රටවල් නුදුරේදීම නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බව සඳහන් කරයි.
ඕස්ටේ්රලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ජර්මනිය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ඇමරිකාව හා ප්‍රංශය මෙම පැරිස් සමාජයේ රටවල් නියෝජනය කරයි.
කෙසේ වුවද, ශ්‍රී ලංකාවේ, ප්‍රධානතම ද්විපාර්ශවික ණය හිමිකවරුන් වන්නේ, චීනය හා ඉන්දියාවවන අතර ඉන්දියාව සිය සහයෝගය මේ වන විට ප්‍රකාශ කර ඇතත් චීනය තවමත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සහතිකයක් ලබා දී නැත.







