නුවර ඉන්නා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවට රටවල් 24ක තානාපතිවරු 24 දෙනෙක් කොළඹ සිට ගෙන්වා, දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් සහිතව විශාල වියදමක් දරමින් අක්ත්‍රපත්‍ර ප්‍රදාන උත්සවයක් මේ වනවිට නුවර දී පැවැත්වෙමින් ඇත.

උසස්පෙළ විභාගය පැවැත්වෙමින් ඇති නුවර ප්‍රධාන පාසල් තුනකට ප්‍රවේශය සිදුවන කටුගස්තොට නුවර නගර මධ්‍ය ප්‍රධාන මාර්ගය මේ වනවිට සියලුම සාමාන්‍ය වාහන වලට වසා දමා ඇත. මාර්ගය වසා දැම්මේ පස්වරු 1.20ට ය. එමෙන්ම, කොටු ගොඩැල්ල විදිය, ඩීඑස් සේනානායක වීදිය, රජ වීදිය, දළදා වීදියේ මාළිගා පරිශ්‍රය අසල සියලුම වාහන ඉවත් කර වසා දමා ඇත.

අද අක්ත්‍රපත්‍ර පිළිගන්වන්නේ ජැමෙයිකාව, උරුගුවේ, මොන්ගෝරියාව, මලාවි, සූඩානය, කැනඩාව, ආමේනියාව, උතුරු මැසිඩෝනියාව, මැලේසියාව, ස්විඩනය, ඉක්වදෝරය, මාලදිවයින, ඇතුළු රාජ්‍යයන් 24ක තානාපතිවරුන් වෙතය.
මෙම තානාපති පිරිස මුලින්ම ස්වකීය නිල රථවලින් දළදා මාළිගාව ප්‍රවේශ දොරටුව අභියසට පැමිණෙති. අනතුරුව ඔවුන්ගේ නිල රථ සහ පරිවාර ආරක්ෂක රථ සමග අශ්වාරෝහක සංදර්ශන පෙරහරකින් දළදා වීදිය, කොටු ගොඩැල්ල විදිය, රජ වීදිය ඔස්සේ ඩීඑස් සේනානායක වීදිය දෙසින් දළදා මාළිගාව ඉදිරිපසින් දෙවරක් සංර්ශනාතාමක ගමනක යෙදෙති. අනතුරුව පිරිස නුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙති.
කොළඹින් පිට මෙවැනි අක්ත්‍රපත්‍ර ප්‍රදානයක් මෙතරම් විශාල වියදමක් සහිතව සංදර්ශනාත්මකව සිදුකළ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.
මේ වනවිට නුවර දැඩි රථ වාහන තදබදයකට මුහුණ දී ඇත.








