දිනසේන රතුගමගේ
යාපනය කෝපායි, මධ්‍යම ග්‍රාම නිළධාරි වසමේ පදිංචිව සිටි පුද්ගලයෙකුගේ නිවසට ඊයේ (21) රාත්‍රියේ මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් සිව් දෙනෙක් කඩා වැදී කඩුවලින් කපා කොටා ඔහුගේ නිවස තුළදීම ඔහු ඝාතනය කර ඇතැයි කෝපායි පොලිසිය කියයි
මෙසේ මරා දමා ඇත්තේ රවීන්ද්‍රන් අජිත් නැමැති කෝපායි මධ්‍යම ප්‍රදේශයේ රාමා පාරේ පදිංචිව සිටි 30 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මෙම ව්‍යාපාරිකයාගේ නිවසට යතුරු පැදිවලින් මුහුණු ආවරණය කරගත් සිවු දෙනෙක් පැමිණ ඇති අතර ඔවුන් දුටු ව්‍යාපාරිකයා නිවසින් එලියට පැන පලා යද්දී ඔහු පස පස ගිය යතුරුපැදි කරුවන් ඔහුව කපා කොටා ඝතනය කොට තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර කෝපයී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







