අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ ඡන්දෙදි දූෂිත රාජපක්ෂලාගේ ඡන්ද සියයට 10ක් දක්වා අඩු කරමු! චම්පිකගෙන් යෝජනාවක් !

by Lanka Sara Editor
ජනවාරි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

 

මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් රටේ සංවර්ධනය ගමේ සංවර්ධනය විනාශ කළ දුෂිත රාජපක්ෂවරුන් හා ඔවුන් වටා සිටින ව්‍යාපාර ජාලය පලවා හැරීම ඉතා බලගතු දේශපාලන පාඩමක් කර ගත යුතු බවත් ඔවුන්ගේ බලය සියයට 10ක් දක්වා අඩු කිරීමට අරමුණු කරගත යුතු බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව ස්වශක්තියෙන් වැඩ කරන පළාත් පාලන ආයතන ඉදිරියට ගොඩ නැගීම උදෙසා මෙවර මැතිවරණය මගින් දුෂිත රාජපක්ෂවරුන් 10% දක්වා අඩු කිරීමට සියලු දේශපාලන පක්ෂ වගබලා ගතයුතු බව චම්පික රණවක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ අද (18) දින 43 සේනාංකය මගින් මෙවර මැතිවරණය සඳහා සන්ධාන ගතවී තරඟ කිරීමේ අරමුණ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා පවත්වන ලද මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමිනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඒ සඳහා 43 සේනාංකයේ සභාපති කරූ පරණවිතාන මහතා සහ එම සංවිධානයේ මුදල් ලේකම් ඉංජිනේරු සුමේද රත්නායක මහතාද සම්බන්ධ විය.

එහිදී මෙවර පළාත් පාලන මැතිවරණය ගමේ, වීදියේ දේශපාලන බලය පස්, කළුගල්, වැලි මත රඳවාගෙන සිටි දුෂිත ව්‍යාපාර කල්ලිය පලවාහැරීමට අරමුණු කරගත යුතු බවත් එසේ බිහිවන පළාත් පාලන ආයතන තවදුරටත් මධ්‍යම ආණ්ඩුව මත යැපෙන ආයතන නොව ස්වයං ශක්තියෙන් නැගීසිටින ආයතන බවත් පත්විය යුතු බවත් ඒ සඳහා 43 සේනාංකය ලෙස සහය දැක්වීම සඳහා මෙවර මැතිවරණයට තරඟ කරන බව පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“රට බංකොලොත් කළ රාජපක්ෂවරු ඒ එක්කම ඒගොල්ලොත් එක්ක එකට ගැට ගැහිච්ච නිලධාරි පන්තිය, දූෂිත ව්‍යාපාරික ජාලය ජනමතයෙන් පරාජය කිරීමට මෙයින් අවස්ථාවක් ලැබෙනවා. අවිහිංසාවාදී ක්‍රියාමාර්ග වලින් පලවාහරින ලද රාජපක්ෂ පාලනය පස්ස දොරෙන් ඇවිල්ලා පළාත් පාලන ආයතන තාමත් පාලනය කරනවා. ඒ වගේම මේකේ තව වැදගත් පැත්තක් තියෙනවා. ඒක තමයි පළාත් පාලන ආයතන වලට, අයවැයේ තියෙන සල්ලි ලබාදීමේ හැකියාවක් නැහැ. එම නිසා, ස්වයං ශක්ති ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක් බිහි කරගන්න. තමන්ගේම ආදායම් වලින් ජනතාවට සේවය කරන තැනක් බවට පරිවර්තනය වෙන්න. අපි මේකට පැහැදිලි අත්දැකීමක් රටට දීලා තියෙනවා. අපේ අමාත්‍යංශ ක්‍රියාවලිය තුළ අපි පෙන්නලා තියෙනවා මේ ස්වයං ශක්තිය කොහොමද ගොඩනගන්නේ කියලා. ඇත්තටම අපිට තව අවුරුදු 3ක් තිබුණා නම් ප්‍රශ්න විසඳනවා. අපි මූලික ප්‍රශ්න දෙකම විසඳුවා. ඒ කළේ නාගරික සංවර්ධනයේ ගස් හිටවලා, පේමන්ට් හදලා, ජොගින් ට් රැක් හදලා නෙවෙයි. විධිමත් ආකාරයට ඒ කටයුත්ත කරලා. ඒ වගේම අපි හදපු නිවාස ටික අපි විධිමත්ව ලබා දුන්නා. ඒ නිවාස ටික නොඑන්න ඔය ගිනිගත්ත, මන්ත්‍රීතුමාලට නිවාස ලබාදෙන නිවාසයක් නැහැ. එදා ලංකා විදුලිබල මණ්ඩලය කෝටි 4500 පාඩුයි කිව්වා 2015 පටන් ගන්නකොට. හැබැයි කෝටි 2000 ලාභෙකට අපි ගෙනිච්චා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කෝටි 6700 ප්‍රතිලාභ ජනතාවට දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සහගහන බදු නැතිකළා.

අපි 43 සේනාංකය හදනකොට අපේ බලාපොරොත්තුව තිබුණේ රටේ වෘත්තීය මට්ටමේ වැඩ කරලා සමාජය ඉදිරියට ගෙනල්ලා අධ්‍යාපනයෙන් මතු වෙච්ච පිරිසක් එක්ක පවුල් බලයයි, පාදඩ සල්ලියි රජකරන දේශපාලනය තුළ නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරන්න. ඒ අනුව අපි කරන්න ගිය දේශපාලනික නොවන සමාජ ව්‍යාපාරය, දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කරන්න. නමුත් මේ මැතිවරණයේ කාලසටහනත් එක්ක අපිට ඒක කරන්න බැහැ. නීත්‍යනුකුල ගැටලුත් තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණයෙන් පසුව මේ රටේ අධ්‍යාපනයෙන් මතුවෙච්ච වෘත්තීය මට්ටමේ පිරිස්, වැඩ කරලා පුරුදු පිරිස්  ඒ වගේම වැඩක් පෙන්නපු කට්ටිය ගේ එකමුතුවකින් මේ රටේ නව දේශපාලන පරිවර්තනයක් ඇතිකරන දේශපාලන ව්‍යාපාරයක් ඉදිරියේදී කරළියට ගේන්න. ජනතා විමුක්ති පෙරමුණ එක්කත් අපි සාකච්ඡා කළා. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ සන්ධානයක් නෙමෙයි. ඒක ජනතා විමුක්ති පෙරමුණ විතරයි පක්ෂෙකට ඉන්නේ. අනිත් අය පුද්ගලයෝ හැටියටයි එකතු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හිතන්නෑ ඒක සාර්ථක සන්ධානයක් කියලා. සමගි ජන බලවේගයත් ඒගොල්ලන්ගෙ අරමුණ තියෙන්නේ තමන්ගෙ තනි ශක්තිය පෙන්නන ක්‍රියාවලියක් හැටියට, පුළුල් සන්ධානයකට නොයා. ඒ නිසා අපි නිදහස ජනතා සභාව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරු සමඟ විවෘත සාකච්ඡාවක් කළා. ඒ විවෘත සාකච්ඡාවෙන් අපිට එළඹෙන්න බැරි වුණා පුළුල් සන්ධානයකට. ඒ නිසා අපිට අවශ්‍ය ප්‍රබල සන්ධානයක් ගොඩ නැගීම සඳහා රාජපක්ෂවරුන් නොවන පිරිසක් සහිත නව ලංකා නිදහස් පක්ෂය සමඟ මෙම මැතිවරණයට සන්ධාන ගතවී තරග කිරීමට තීරණයකට එළඹුණා.”

එමෙන්ම මේ සඳහා සම්බන්ධ වූ 43 සේනාංක සභාපති කරූ පරණවිතාන මහතා පවසා සිටියේ ලංකාවට ගැලපෙන් දේශපාලන ආදර්ශයක් සකස් කිරීම මෙවර පළාත් පාලන මැතිවරණයේ අරමුණ බවයි. එමෙන්ම ඒ සඳහා ප්‍රාදේශීය වශයෙන් බලය අල්ලාගෙන සිටින පොහොට්ටු දේශපාලනය පලවා හරිය යුතු බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ සරසවි සිසුවිය ඝාතනය කළ සැකකාර සරසවි සිසුවා රක්ෂිත බන්ධනාගාරයට…

Next Post

GOMA ලබන 23 දා සිට කළු සතියක් ප්‍රකාශ කරයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.