සුජිත් හේවාජූලිගේ –
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් පත්කිරීමේදී පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවුවහොත් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.
සිවිල් නියෝජිතයන් තිදෙනා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීම සඳහා ලබන 19 වැනිදා නැවතත් රැස්වීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණු අතර මේ සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට එහිදී නොහැකිවිය.
ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා නම් කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ පූර්ණ එකඟතාවයෙනි.
ගැටලුව මතුවූයේ විපක්ෂනායකවරයා ඒ යෝජිත නම්වලට එකඟතාව පළ නොකිරීම නිසා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පත්කර ගැනීමට නොහැකි වීම නිසා නව ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමද ප්‍රමාදවී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවනු ලබන්නේ විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රතිපාදන අනුවය.
එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මතවී මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තවමත් පිහිටුවීමට හැකිවී නොමැත.
මේ අතර විපක්ෂය නාම යෝජනා ලබානොදීම නිසා ආංශික අධික්ෂණ පාර්ලිමේන්තු කාරක සභා පිහිටුවීමද ප්‍රමාදවී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
ලංකාදීප –







